නැගෙනහිර පර්යන්තය නැතොත් ඉන්දියාව අනාථයි.. නැගෙනහිර පර්යන්තයේ සගවන ඉන්දීය කතාව මෙන්න..

February 1, 2021 at 3:22 am | lanka C news
නැගෙනහිර පර්යන්තය නැතොත් ඉන්දියාව අනාථයි.. නැගෙනහිර පර්යන්තයේ සගවන ඉන්දීය කතාව මෙන්න..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටම ලබාදිය යුතුයැයි ප්‍රධාන තර්ක දෙකක් ගෙන ආවා. ඉන් එකක් තමයි අපට මේක හදා ගන්නට සල්ලි නැහැ කියන එක. මීටර 1320 ක දිගින් යුතු මෙහි මීටර 440ක් අප හදා ගත්තේ සමස්තය හැදීමේ ඉලක්කය ඇතුවයි. පසුගිය ආණ්ඩුව මේක නතර කළේ නැත්නම් මේ වන විටත් වරාය අධිකාරියේ අරමුදල්වලින් ම මෙම පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්තියි ඒක කොටස් වෙළඳපළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න.

තවත් සමහරෙක් තර්කයක් විදිහට ගේනවා අපේ කොළඹ වරායේ සමස්ත වෙළඳාමෙන් 55% ක් එහෙමත් නැත්නම් ප්‍රති අපනයන වෙළඳාමෙන් තුනෙන් දෙකක් කරන්නේ ඉන්දියාව. ඒ නිසා ඉන්දියාව තරහ වුණොත් අපේ අපනයන වෙළඳපොළ අහිමි වෙයි කියලා. ඇත්ත කතන්දරය ඉන්දියාව කොළඹ වරායේ ප්‍රති අපනයන වෙළදාම කරන්නේ ලංකාවට තියෙන ආදරයක් හන්දා නෙවෙයි. ඉන්දියාවේ කිසිදු වරායකට දැවැන්ත නැව් යන්න බැරි ආකාරයෙන් වැලි පිරෙන නිසයි. ඒ නිසා ඉන්දියාව අපිත් එක්ක තරහා වෙලා මේ ප්‍රති අපනයන වෙළඳාම ගෙනයන්න ඉන්දියාවේ වරායක් නෑ කියන එක ඉතාම වගකීමෙන් කියනවා.

මේ වන විටත් ඉන්දියාව ඉදිකරමින් පවතින විසින්ජම් වරාය හෝ නිකබෝ වරාය වැලි පිරෙන එකෙන් වලකා ගෙන සාර්ථක වුවහොත් ඔවුන් ප්‍රතිඅපනයන වෙළදාම කොහොමත් රැගෙන යනවා. ඒ හැරුණු කොට නැගෙනහිර පර්යන්තය ලබා නොදුන්නා කියන පදනමින්නම් ඉන්දියාවට කොහොමවත් සිය වෙළඳාම ගෙනියන්නට වෙනත් තැනක් නැහැයි කියන එක අප ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

– media unit

116,583 views

31 Comments to “නැගෙනහිර පර්යන්තය නැතොත් ඉන්දියාව අනාථයි.. නැගෙනහිර පර්යන්තයේ සගවන ඉන්දීය කතාව මෙන්න..”

  1. දයා says:

    ඉතාම හොදින් ගැටලුව හා විසදුමි පැහිදිලි කර තිබෙනවා.

  2. වජිර says:

    උදය විමල් වාසු සුපුරුදු ලෙස සටනට. කෝ බං අර කොලඹින් එකට ආව සරත් වීරසේකර.

    • ක්‍රිමිනල් says:

      සෑර්, උන්ට වැඩක් කරන්න දෙන්නේ නෑ.. නාකි වට්ටක්කේ පාසු වකයා ගේ කෙරුවාව අපි දැක්කා.. හුකෑස්..

    • ක්‍රිමිනල් says:

      සෑර්, උන්ට වැඩක් කරන්න දෙන්නේ නෑ.. කසිප්පු ජොනී, මාල හොරා වගේ උන්ට තැන දුන්නේ.. නාකි වට්ටක්කේ පාසු වකයා ගේ කෙරුවාව අපි දැක්කා.. හුකෑස්..

  3. කුසල් says:

    සහතික ඇත්ත කතාව.

  4. මහජනයා says:

    ස්තුතියි ඇමතිතුමා රට පැත්තේ හිටගත්තට.

  5. SL says:

    “India approves Dubai Ports bid for container terminal project in Kerala
    The Indian government on Wednesday approved a Dubai Ports Authority (DPA) bid for a 38-year concession to operate and manage exclusively the existing Rajiv Gandhi Container Terminal and develop the greenfield site into a major International Container Transshipment Terminal (ICTT) at Vallarpa-dom in Kochi, sources said.”

    This was in 2004 or so . Now DPA is operating in Kerala.

    They can at any time develop their terminals , so better think in that way too.

  6. samantha says:

    එතකොට ඇමතිවරුත් විරුද්ධනම්, ආණ්ඩුවත් විරුද්ධනම්, පාලනාධිකාරියත් විරුද්ධනම් දැන් මේක දෙන්න ඕන අපිටද?

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    නාට්‍ය ඇදගෙන යනවා වැඩියි බං

  8. පතිරණ says:

    එතකොට පොදුජන පෙරමුණේ කවුරුත් මේ සාකච්ඡාවට ඇවිත් නැද්දද ? හොද වෙලාවට අපි උදයලට විමල්ලට ඡන්දය දුන්නේ. අන්තිමට එච්චරයි ඉතිරු.

  9. Open mind says:

    තේරුම් ගන්න. නැ.ජැටිය කොටස් වෙළෙඳ පොළට. දේශීය ආයෝජකයින්ට කොටස්. ටික කලකින් විකුණනවා.”අදානි” ඒවා ගන්නවා . සදාකාලික ව එය ඔවුන්ගේ. හම්බන්තොට 99×2. කොන්ද කෙලින් නායකත්වය එය ආපසු දෙන්නේ නැහැ……හොර පාරෙන් නැ.ජැටිය ඉන්දියාවට.

    • Closed mind says:

      බුුදු අමිමෝ මේන්න තඩි කිබුලෙක් කොරහේ. ගවපාලන එවුන් ආපහු මෙි කපේට එන්නේ නැති නිසා විකිනිමක් ගැන බයක් නෑ

  10. Theeraka says:

    High time the voters give up the habit of depending on Rajapaksa clan anymore and lean towards a govt headed by Wimal Weerawansa and his party. Rajapaksas should vanish from the entire political field!

Main News