නැගෙනහිර පර්යන්තය නොරටුන්ට දීම මගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නොවේ..- අගමැති

January 24, 2021 at 6:28 am | lanka C news
නැගෙනහිර පර්යන්තය නොරටුන්ට දීම මගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නොවේ..- අගමැති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයකට අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන සති අන්ත පුවත්පතක් කළ විමසීමකදීය.

මෙරට ජාතික සම්පත් විකුණමින් අනාගත පරම්පරාවේ උරුමය අහිමි කරන්නට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ සහ යහපාලන ආණ්ඩු මිස තමන්ගේ ආණ්ඩු නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

32,362 views

14 Comments to “නැගෙනහිර පර්යන්තය නොරටුන්ට දීම මගේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය නොවේ..- අගමැති”

  1. බන්ඩා says:

    ලංකාවෙ වරාය අධිකාරියත් සිංගප්පූරුවෙ PSA මෙන් කටයුතු කල යුතුය්.

    • Saliya says:

      යන්න ඔබ රජයේ රොහලකට….ඔබට කොහොමද සෑලකිල්ල…යන්න ඔබ පොලිසියකට ..කොහොමද ඔවුන්ගේ සෑලකිල්ල….. යන්න ඔබ රජයේ අයාතනයකට…කොහොමද ඔවුන්ගේ සෑලකිල්ල….. රජයේ අයාතනයක තනතුරක් සදහා යන්න….ඔය කියන දෙශපාලුවන්ගේ නෙමේ නම් ලෑබේයිද කියලා…..රටේ තත්වේ ඔකයි…. කලකිරිම් මිස ..වෙන කිසි දෙයක් සාමන්ය මිනිසාට එකතු වෙන්නේ නෑ…මේ එකෙකුගෙන්වත්….

  2. NAK says:

    විදේශ ආයෝජක‍ය‍ෙකුට දිය යුතුම නමී දිය යුතුව තිබුනේ මුලදීමයි අපි ණය වෙලා හදලා ලාබ ගන්න විතරක් කොටස්කාරයෝ අවශ්‍ය නැහැ

  3. බූරු පුතාණෝ සජියා says:

    ඔහෙට කොහෙද ආණ්ඩුවක් තියෙන්නෙ? 20 සම්මත වුණාට පස්සෙ අගමැති නිකංම නිකං පියන් මහත්තයෙක් විතරයි. දැන් තියෙන්නෙ අතිගරු රාජපක්ෂලාගේ නන්දසේන ගෝඨාභය ජනාධිපති තුමාගේ ආණ්ඩුව. අගමැති ඉන්නෙ මේසෙ යටට රිංගවලා.

  4. kawinda says:

    Obathuma hari. negenahira paryanthaye obathumage diyaniyak lesinui api dakinne. e nisa obathumata eya bera genimata diyunu kireemata anith kaatath wadaa ayithiyak thiyenawa. mage yojanawa nam obathuma yatathata samastha waraaya ministry eka ganna. waraaya diyaniya pamanak nowei ehi siyalu sewakayinma sathutu wei.

  5. Aiya, big brother, ekak kiyanawa, malli, second brother, thawa ekak kiyanawa, mage Bhayanaka Avathareth mekatha walata Andun Kundun wela yanawa brothers!

  6. උදාර says:

    ඉන්දියාව කියන්නේ නොරටුන් නොවේ.

  7. රන්වල says:

    නන්දසේන මහතා හාල් කඩේට පැනල කෑගහල ඊට මාස කීපෙකට පස්සෙ තිබ්බ වගේ එකහමාරක මිලට හාල් ගත්තු අපිට දැන් සත්තම් පොරොන්දු ඇහෙද්දිත් බයයි

  8. GAMINI SENANAYAKE says:

    ඔව් ඔව්, අක්කර අටදහස් නම දාහක් විතර විදේශිකයන්ට විකුණන කොට,SANGRILLA හෝටලයේ IDAMA ඉන්දියාවට දෙනකොට චීනාට කොළඹ වරාය නගරයේ සින්නක්කර වෙන විදියට ඇග්‍රිමන්ට් අත්සන් කරනකොට, ජාතික දේපල පිළිබඳව YHIBIච්ච කැක්කුම මොකක්ද කියලා දන්නේ නෑ .අනිත් අතට නැගෙනහිර ජැටිය පනස් එකයි ,49 යි හETIයට ඉන්දියාවත් එක්ක බෙදා ගන්න කොට, දේපල නෙවෙයි ද පිටරට මිනිසුන්ගේ අයිතිකාරත්ත්වයට යන්නේ.රටේ මිනිස්සු ගොන්නු නෙවෙයි.

    • Thilina says:

      එතකොට හිල්ටන් එක, ගලදාරි එක, WTC එක, ටාජ් එක වගේ හෝටල් ඒ කාලෙ හදල තියෙන්නෙ ලංකාවෙ කාට හරි අයිති ඉඩම්වලද? නැත්නම් ඒ ඉඩම් ඒව හදපු ආයෝජකයො සින්නක්කරවම සල්ලි වලට අරගෙනද?
      උඹ කොහෙ හරි රටක බිලියන ගානක් වියදම් කරල හෝටලයක් හදන්න යනවනම් උඹ කැමතිද ඒක අනුන්ගෙ ඉඩමක හදන්න.

      හෝටලයක් හදන්න අයෝජකයෙකුට ඉඩමක් දෙන එකයි සම්පූර්ණ වරායක්/ජැටියක් දෙන එකයි දෙකම එකක් කියල හිතාගෙන ඉන්න පොරවල් තමයි ෆේස්බුක් එකෙන් රට හදන්න උපදෙස් දෙන්නෙ

  9. බබා says:

    UNP කාරයෝ හම්බන්තොට චීනෙට බදු දුන්නේ වසර 99 කට නිසා තව වසර අනූගානකට පස්සේ හම්බන්තොට වරාය ආපහු මේ රටට ලැබෙනවා. නමුත් කොලබ දකුණ වරායෙන් 49% ආපහු මේ රටට ලැබෙන්නේ නැහැ.

    • Thilina says:

      අවුරුදු අනූ නමයකට පස්සෙ ගන්නද ඒක චීන්නුන්ට දුන්නෙ? එහෙනම් ඉතින් ඒක නොදීම ඉන්න තිබුනනෙ. අවුරුදු අනූ නමයක් කියන්නෙ පරම්පරා කීයක්ද කියල නිකමට හිතල කියපංකො

      • බබා says:

        හොoකොo චිනෙට ලැබුනේ එoගලන්තෙ 99 අවුරුදු බදු ගිවිසුම ඉවර වුනාට පස්සේ.

  10. D.Nimal says:

    Ours land wealth and assets are limited,so then National income for not that large of GDP is concern of Island Economy? Major sources of income cannot that give other countries on sensitive of point that of services industries of Colombo Port. It is quite impossible give them wich that such lucrative business and income to Indian companies. Having large resources in Indians land there is no needed take over our key areas of like Port of Colombo by Indian companies.

Main News