නැගෙනහිර පර්යන්තය 49% ක කොටස් වෙළඳපොලට දාන්න සාකච්චා කරනවා..

January 27, 2021 at 5:30 pm | lanka C news
නැගෙනහිර පර්යන්තය 49% ක කොටස් වෙළඳපොලට දාන්න සාකච්චා කරනවා..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 49% ක කොටස් වෙළඳපොලට යෙදවීමට හා ඉතිරිය රජය සතුව තබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

නමුත් එය අවසන් තීන්දුව නොවන බවත් ඒ සම්බන්ධව අවසාන තීන්දුවක් මෙතෙක් ගෙන නැති බවත් කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ මහතා කියා සිටියේය.

ඉදිරියේදී සිදුවන සාකච්ඡා මත තීන්දු තීරණ වෙනස් විය හැකි බවද කී ඔහු රටේ උන්නතිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ විටෙක ඒ වෙනුවෙන් නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන බවද කියා සිටියේය.

පවතින භූ දේශපාලනය සම්බන්ධ හැඟීමක්ද රජයට ඇති බවත් මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් තීන්දුවක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

26,729 views

8 Comments to “නැගෙනහිර පර්යන්තය 49% ක කොටස් වෙළඳපොලට දාන්න සාකච්චා කරනවා..”

  1. Alapaluwa says:

    බෝහෝම හොඳ ක්‍රියා මාර්ගයක් හැබයි එය ලෝක වෙළඳපොළට නොවිය යුතුයි.තනිකරවම ලංකා පුරවැසියන්ට වියයුතුයි අපිටත් බැරියා අපි උපයාගත් මුදලින් කොටස් කිහිපයක් මිළදීගෙන එයට දායකත්වය දරන්න අන්න එවැනි ප්‍රතිපත්ති ක්‍රමයකට යන්න කිසිම ප්‍රශ්නයක් ඇතිනොවේ.

  2. වයි දිස් කොලවෙරි says:

    යුද්ධේ තීරණාත්මක මොහොතක මුලු ලෝකෙටම හොරෙන් යුධ හමුදාවට අවශ්‍ය මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගෙනාවෙ කොලබ වරාය හරහා. ඉන්දියාවට භාන්ඩ ප්‍රවාහනය කරපු නැවක හන්ගලා මේවා ගෙනාවේ. රොකට් ලෝන්චර් යාපනේට ගෙනිහින්, කොටි සුණු විසුණු වෙලා යන්න ගහනකම් ඉන්දියාවෙ රෝ ඔත්තු සේවය වත්, පොට්ටු අම්මාන්ගේ ඔත්තු සේවය වත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.
    වරාය කියන්නේ දූපතකට ඇතුළු වෙන දොරටුව. දොරටුවේ භාරකාරීත්වය අල්ලපු ගෙදර එකාට දුන්නාම කොහොමද ඉස්සරහට උන්ට හොරෙන් අපට අවශ්‍ය දෙයක් කරගන්නේ?

    ලාභය වගේ නොවේ, රටක ආරක්ෂාව කියන එක.

  3. රටෙ එකා says:

    හොදම දේ නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් අලුත් සමාගමක් හදලා එහි කොටස් 30%ක්වත් කොටස් වෙලදපොලේ ලයිස්තිගත කරන එක. එතකොට සජිත් 2025 ජනාධිපති වෙලා කෙසෙල්වත්තේ මිනිස්සුන්ට රස්සා බෙදන්න පාවිච්චි කරන්න වෙන්නේ නෑ නැගෙනහිර පර්යන්තය.

    බටහිර පර්යන්තයේ කොටස් 49%ක් ටෙන්ඩර් කරන්න ඕනෙ. ඉන්දියාවට ඕනෙමනම් වැඩිම ලන්සුව දාලා ටෙන්ඩර එක ගන්න පුලුවන්.

    100%ක් වරාය අධිකාරියට දුන්නොත් අනාගතේ එන මොකක් හරි ආණ්ඩුවක් ඕක කාලා විනාශ නොකරයි කියන්න පුලුවන්ද?

  4. B4 UNP now Gota says:

    අයි බන් මුන් මෙහෙම ෂික්. පාරවල් හදන එක නවත්තලා හරි මේක කරන්න පුළුවන් නේද

  5. SKF says:

    කොටස් වෙළදපොලට දැම්මම අදානි සමාගම එතනින් ගනියි.
    එහෙමත් නැත්නම් ලංකාවේ සමාගමක් කොටස් අරගෙන අදානි සමාගමට විකුණයි. යටින් ඩීල් එක යයි.

  6. රන්වල says:

    ඒ කියන්නෙ කොරෝනාවෙන් සෙල්ලම් දාන්න දුන්න වගේ මේකෙනුත් සෙල්ලමක් දාන්න දිලිතයියලාට චෑන්ස් සෙට් වෙනෝ.කොම්බුව කඩේ ගියාට පාඩු නෑ කල්ල මරේ.

  7. N.Wimaladasa says:

    My view an economic and financial reading says that govt led by GR and MR has to caution about issuing Share Market is too early which that Not good for Port of Colombo.
    I firmly believe Foreign Capital need to Development of national Economy and by shifting New era economy depend on Open sustainability of self-reliance of mode of Economy .Which is national wealth creation of development of Lanka.

  8. Sudesh Nandasiri says:

    I am glad to read this news. Yes, this is one of best option for this project .

Main News