නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඔ්නෑ දෙන්නයි..- වරාය වෘත්තීට සමිති කියති..
January 21, 2021 at 10:24 pm | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.
නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් කියා සිටිති.
නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති බවත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.
එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.
හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කියා සිටියහ.
දැන්මම අයියයි මල්ලිගෙයි වලි පටන් අරන්. ඔහොම යන් ඔහොම යන්.
ඇත්තටම මේ අපේ ආර්ථික මරමස්තානය වන වරාය කිසිම රටකට දියයුතු නැහැ.එයට හොඳ ශක්තිමත් වැඩපිළිවෙලක් තිබේ එය වැඩි දියුණු කිරීමට ඇත්තටම අවශ්‍යයනම් කළයුත්තේ මේයයි.රජයට මුදල් අවස්යයනම් මේ වරායට මුදල් ආයෝජනය කිරීමට රටේ සිටින පුරවැසියන්ට දේශමාමකයින්ට වහාම කොටස් issue කරන්න. ආයෝජනය කිරීමට ඉඩ සළස්වන්න. එයට ආයෝජනය කිරීමට අපේ රටේම ජනතාව දෙපාරක් සිතන්නේ නැතිබවත් අපි හොදාකාරව දනිමු.ඇත්තටම අපිත් අපේ දහඩියමහන්සියෙන් උපයාගත් මුදලෙන් මිළියන10 වුවත් එක අයෙකුට දිය හැකියි.මේ ආයෝජනය එක්කෙනෙකුගේන් පමණයි. තව මෙවැනි අය කොපමණ සිටීද? එයින් ලැබෙන මුදල් මෙය පිටරටකට විකුනාහෝ බදුදිමෙන් ලැබෙන මුදලට වඩා මුදලක් රජයට උපයාගත හැකි නේද?මෙයින් දෙපාර්ශයටම වාසිදායක වන්නේ නැතිද?අපි දුක්මහන්සියෙන් උපයාගත් මුදලට සරිළන ප්‍රතිලාබයක් ලැබෙනබැවින් අපිත් දෙපාරක් නොසිතා මෙයට ඍජුවම දායක වන්නට පුළුවනි මොකද මේ ආයෝජනය කරන්නේ රජය සමගින් සහා කිසිදාක පාඩු නොලබන ආයෝජනයක් බැවින්..ඉතින් මළපේරේතයිනි ඇයි තෝපිගේ මේ ඔලු ගෙඩිවලට මෙසේ නුවණ පහළ නොවන්නේ ? රටේ සම්පත් රටේ ජනතාවට භුක්තිවිඳීමට ඉඩසැලස්විය යුතුයි එය රටේ දියුණුවත් සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයත් ශක්තිමත් කිරීමක්ද මෙයින් සිදුවනවා ඇත. එවිට රටද ජනතාවද දියුණුවේ මාර්ගයටද අවතීර්ණ වේවි නේද???? සිතා බලපල්ලා ගොබ්බයිනි!!
Ada kiwa kiyala mataka tiyaganila yaluwa
Mu kiyana de satya nam Indiava jajalalithata karapu de ape MR ta karanav niyatai
You have dollers. ?
Government badly wants dollers
Government is in crisis of doller income.
එහෙම විරුද්ධ වෙනවා කියල කියන්නත් කිව්වද ?
Lol….maaaara moleee thiyena JVP fellows…LMAO
Lol නොවේ උබලට අඩන්න වේවි කවදාහරි අන්න එදාට දැනේවි මොකාගෙ මොළේ හරි කිව කථාව හරිබව.අපි දන්නවා උබලට අවශ්‍යය අර හොගාන පොකුණ ලනගට ගිහින් කළිසම පහත්කරලා ඉංදියාවට පෙන්නගෙන සිටපන් එතකොට උන් ඇවිත් එක දැකලා උබලට කන්න බොන්න දීලා යාවි.
මහින්ද කොමිස් වෙනුවෙන් නය අරන් වැඩකට නැති ව්යාපුර්ති කිරීම හා රනිල්ගේ අදූරදර්ශී ක්‍රියාමර්ගයක ප්රිතිපල තමා මේ ව්ඳින්න වෙලා තියෙන්නේ.කව්රු මොනවා කිව්වත් වරාය තෙල් සංස්ථාව, විදුලිය, රක්ෂණ, දීවර, ප්‍රවාහන හා වටිනා ඉඩම් චීනට ඉදිරියේදී දෙන්න වෙනවා.
මේ රාජිතගේ කිඹුල් නාටකයේ දෙවන කොටසද?නැත්නම් මරිය කඩේ චමුදිතගේ තිර රචනයක්ද?
It is the opposite. These two siblings are tarnishing Gota’s name and trying to raise Namal. The country know it. The 69 voters know it. If Gota fail to remove these people from the government, country will be in a catastrophe.