නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඔ්නෑ දෙන්නයි..- වරාය වෘත්තීට සමිති කියති..

January 21, 2021 at 10:24 pm | lanka C news
නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඔ්නෑ දෙන්නයි..- වරාය වෘත්තීට සමිති කියති..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.

නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් කියා සිටිති.

නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති බවත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.

හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කියා සිටියහ.

85,826 views

21 Comments to “නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඔ්නෑ දෙන්නයි..- වරාය වෘත්තීට සමිති කියති..”

    • වයි දිස් කොලවෙරි says:

      වරායවල් වල දැන් කෙරෙන ලොකුම බිස්නස් එක ප්‍රති අපනයනය. ඒ කියන්නේ මහා පරිමාණ නැවකින් ජපානේ ඉදලා ඇමෙරිකාවට වාහන ගෙනියනවා කියමුකෝ. එතකොට යන අතරමග තියෙන කොලබ වරායට ඇවිල්ලා පාකිස්තානයට අවශ්‍ය කාර් ටික පොඩි නැවකට බානවා. පොඩි නැව පාකිස්තානය යන අතරේ, මහ නැව ඇමෙරිකාවට යනවා. මහ නැව පාකිස්තානය යන්න ගියොත් කාලය සහ වියදම වැඩියි.

      අපි ලෝකේ ප්‍රධාන නැවු මාර්ගයක ඉන්නේ. මුලු ලන්කාවෙන්ම කොලබ වරායේ නැගෙනහිර ජැටිය පමණයි විශාල නැවුවලට අවශ්‍ මීටර 20 ගැබුර තියෙන්නේ.

  1. SL Revolution says:

    ශ්‍රී ලංකාව යනු Anglo-American බලවේගයේ ග්‍රහණයේ පවතින රටකි.එවන් පසු බිමක එහි මර්මස්තාන වල නියම අයිතිකාරයා හා නියම පාලකයා Anglo-American අක්ෂයයි.කලින් කලට පත්වන ආණ්ඩු මේ සත්‍ය සැගවීමට හදාගත් Cover-up එකක් පමණි.
    එසේ නම් නැගෙනහිර පර්යන්තයේේ 51% ලංකාවට හා 49% ඉන්දියාවට යනුව‌ෙන් ජනාධිපති කරන ප්‍රකාශයේ සැබෑ තේරැැම 51%ක් Anglo-American බලවේගයන් අත රඳන අතර 49%ක් ඉන්දයාව සතුවන බවත්ය.නැගෙනහිර පර්යන්තයේේ 51%ක් නොව 100% ශ්‍රී ලංකා රාජ්‍ය සතුවිය යුතු බවට ඊනියා වෘතිය සමිති කරන සටන යට ඇත්තේ එය මුළුමනින්ම Anglo-American පාලනයේම පැවතිය යුතු බවයි.තමන් ශ්‍රී ලංකාවේ ජනතාව වශය‌ෙන් උපායශීලිව ප‌ෙනී සිටිමින් Anglo-American බලවේගය මේ රටේ ජනතාව උපයන හැම සතයක්ම ණය වාරික හා පොලී වශය‌ෙන් පිහිටුවා ඇති ආණ්ඩු යොදාග‌ෙන කොල්ල කමින් සිටී.

  2. දුස්රා says:

    රාජපක්ෂලා රාජ්‍යතාන්ත්‍රිකව ද‌ෙනබව කියා තම හිතවාදී වෘත්තීය සමිති හා භික්ෂූන් යොදාග‌ෙන ඉන්දීය විරෝධයක් මැවීම භයානක ඩබල් ගේමකි..තමන් ඉන්දියාව ගොනාට ඇන්දුවා අපි හරි ස්මාට් යයි යම‌ෙක් සිතන්නේ නම් ඒ නියම මෝඩය‌ෙකි.

  3. නිරීක්ෂකයා says:

    වරායන් සහ 56 දරුවෝ යනුවෙන් පොතක් ලියන්න හිතෙනවා මේවා දැක්කාම. මේ රට දියුණු කරන්න බැරි කුහක දේශපාලනය සහ අමන විද්වතුන් නිසයි.

    ශ්‍රී ලංකාවේ වරායන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕනේ. රොහාන් මාසමාරුකෝරාළ වගේ එවුන්ට ඕන ලෙස හෝ මේ කම්කරුවන්ට ඕන ලෙස වරයාන් ගැන කටයුතු සිදු නොවිය යුතුයි!

  4. 2030 President says:

    Another drama for 2030 President, HAAAAAA

  5. Demuni Uduwara says:

    Where were you all our most vulnerable were handed over to China.Mahinda Rajapaksa is the one who began giving our assets to the foreigners.

  6. Piggy says:

    Urage maalu, urage pite thiyala kapanawai kiyanne mewage nari naataka walatai!

  7. sajitha says:

    me trade union karayinta molayak nae MR karanne realpolitik. minihata onae depaeththama shape karanne. janapathi arthika wiseshayagnayange advicewalatath aehumkan denawa. ohu sudussa karai. hamuduruwoi trade uni karayoyi paeththakata weyalla. MR GR kiyanadeta kaemaeththenma idadenawa. ehema nokoloth rata goda ganta bae. metana thiyana prasne Adani wage dooshita samagamakata ECT eke ayojana karanta dena ekai.

  8. Jepi buster says:

    හයියෝ ගොන් බයියනෙ මේ මොකදෑ වුනේ?

Main News