නැගෙනහිර පලාතෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි..

October 8, 2020 at 3:22 am | lanka C news
නැගෙනහිර පලාතෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි..

කොරෝනා ආසාදිත සිසුන් කිහිප දෙනකු නැගෙනහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කරයි.

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කිහිප දෙනෙකු දැනටමත් නිරෝධ කර ඇතැයි ද ඇය සඳහන් කරයි.

මේ තත්ත්වය මත නැගෙනහිර පළාතේ කන්තලේ, දෙහිඅත්තකණ්ඩිය, මහඔය කලාප වල කොරෝනා පැතිරී යාමේ අවදානමක් ඇති බවද ඇය කියා සිටී.

ඒ හේතුවෙන් පළාත තුළ සියලුම උපකාර පන්ති නැවත දැනුම් දෙන අත්හිටුවීමටද කටයුතු කර ඇත.

71,099 views

6 Comments to “නැගෙනහිර පලාතෙන් කොරෝනා ආසාදිත සිසුන් හමුවෙයි..”

  1. උඩවත්ත - ලන්ඩන් says:

    අතිගරැ ජනාධිපතිතුමා අපකීර්තියට පත්කිරීම අරමුණුකරගෙන රටපුරා මෙවැනි කොරෝනා පැතිරවීමක් සංවිධානාත්මකව සිදුවෙනවා දැයි විමර්ශනය කල යුතුයි.

    • තිලක් says:

      මිනිහත් තනිකර පඩ ශෝ කාරයෙක් බව අදවන විට උබල වගේ උපන්ගේ මෝඩයෝ හැරැනුකල අනිත් මිනිස්සුන්ට තේරිල තියෙන්නෙ.අපිත් මුන්ගෙ බොරැවලට අහු උනානෙ.

  2. asanka says:

    ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තාවුනේ ඊයේ . භයානකම දේ තමයි මොවුන් සමාජයෙන් මතු වූ අසාධිතයන් වීම . අපි මිට පෙර මිට වඩා බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා වන තත්වයක රටම වැහුවා . එත් අද තාම එහෙම නැ . මේ තත්ත්වය පාලනයට හොඳම දේ රටම නැවත වැසිමයි . අමාරු උනත් එය කලයුතු නම් කලයුතු නේද? දේශපාලන හෝ ආර්ථික තීන්දු නෙමෙයි ජනතාවගේ ජිවිත ආරක්ෂාව ගැන මුල්තැන දෙන තීන්දු ගන්න . එහෙම තීන්දු ගන්නේ ජන්දේ කාලෙට විතරද?
    Reply

  3. lotus says:

    ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා

  4. Sirimal says:

    Eyalata awe kohenda

Main News