නැගෙනහිර මුස්ලිම් පාලනයක්.. සිංහල භාෂාවෙන් නඩු අධිකරණ බාර නොගනී.. පාරවල්වලට අරාබි නම් දමයි..

May 31, 2019 at 3:00 pm | lanka C news
නැගෙනහිර මුස්ලිම් පාලනයක්.. සිංහල භාෂාවෙන් නඩු අධිකරණ බාර නොගනී.. පාරවල්වලට අරාබි නම් දමයි..

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇතැයි නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසූවේ එම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු මාර්ගය මේ වන විට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා මස්කිතුල් ෆ්ලාහර් පාර ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ.

“මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පිඩාවක් විදිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසදුමක් දෙන්න බලධාරීයෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍ය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා.

මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55ක් අල්ලා ගත්තා. රජය නිහඩයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා. දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ පෙරෙදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටු මාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.”

ජනාධිපතිවරයා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රීක් කමිටු වල සම සභාපතිත්වය පිරිනැමිම සම්බන්ධයෙන් නැගෙනහිර භික්ෂුන්වහන්සේලා විරෝධය පළ කරන බවද විහාරාධිපති හිමියන් මෙහිදි පැවසීය.

අද වන විට සිංහල බෞද්ධ ජනතාව නැගෙනහිර පළාතේ තුන්වන තැනට වැටී ඇති බවත් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ රණවිරුවන් නමින් පළාතේ සියලු මාර්ග නම් කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙහිදි අදහස් දැක්වු පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර හිමියන් පෙන්වා දුන්නේ රීසාඩ් බදුර්දීන් , අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන දේශපාලඥයන් බලය තහවුරු කරගෙන සිංහල , දෙමළ ජනතාවගේ මූලික අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

රීසාඩ් බදුර්දීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තනතුරු වලින් පහ නොකරන්නේ නම් තමන්වහන්සේලා ජනාධිපති හා අගමැති කාර්යාල වටලන බවත් විසදුමක් දෙනතුරු උද්ගෝෂණ උපවාස ක්‍රීයාත්මක කරන බවත් පැවසීය.

– lakbima

85,438 Viewers

16 Comments to “නැගෙනහිර මුස්ලිම් පාලනයක්.. සිංහල භාෂාවෙන් නඩු අධිකරණ බාර නොගනී.. පාරවල්වලට අරාබි නම් දමයි..”

  1. sama says:

    Patriotsm of “Appa Sira”

    • සිරා says:

      හරියට බැලුවොත් මද්‍රිසා වලට ලංකාවේ ඉඩ දීලි තියන්නේ ලංකාවේ මහ ජාතිය වන සිංහලයන්මයි….ඒ කෙසේද ?
      මේ මද්‍රසා චන්ද්‍රිකා,රාජපක්ෂ,රනිල් බලය හෙබවූ පාර්ලිමන්තුවල අනුමැතිය ඇතිව පටන් ගත් ඒවා.පාර්ලමේන්තුව තීරණ සදහා යොදා ගන්නේ තමන්ට චන්ද දායකයා හිමි කර දෙන ජනතා පරමාදිධිපත්‍යයේ බලයයි.සියල්ලට පලමුව පාර්ලිමේන්තුව නම් බටහිර බලවතුන්ගේ ට්‍රෝජන් අස්සයාට තම ජනතා පරමාදිපත්‍යය පවා දෙන චන්ද දායකයා වැරදිකරැ නොවේද

    • විස්කි මැඩම් says:

      රටකට ඕනෑ අපමණ අගයක්……..
      අපමණ අගය = UNP + JVP + පොදු අපේක්ෂක

  2. GodFather says:

    Sinhala Buddhists must get together and establish Buddhist Identity again.

  3. Janathawa says:

    When foolish voters elect power greedy politicians with no backbone, the whole motherland is in danger. The future generation would split to their graves even.

  4. kamal says:

    රනිල් මංගල ජවිපෙ කරන්නෙ අවසානයේ අනිත් ආගමක වැරැද්දක් පෙන්වා දිමත් වැරදි දෙයක් කියයි. ඒයයි සන්හිදියාව කියයි.සිංහලයනි අවදිවව් නිදහස රැක ගනිවු

  5. sinha le says:

    මේ අරාබි සලකුණු කඩා විනාස කර දැමීම අප සියලු දෙනාගේ පරම යුතු කමකි

  6. Danapala says:

    හරිම දුකයි

  7. Roshan says:

    Same tone

  8. Aceman says:

    Karuna needs to go back east and take care of this problem..

    • Helapaya says:

      So long as these power greedy,backbone less politicians are afraid to call a spade a spade ,the whole Nation are in danger. Those fellows try to exploit that situation.

    • kandasamy.a says:

      Dont go to east LTTE kill you be careful karuna!!! now LTTE will start again !!very soon Tamil Government in srilanka !!!

  9. මාතර සුනිල් says:

    මේවා ඉතින් ආණ්ඩුකාරයාගේ වැරදි නෙවෙයි. මූව තව දුරටත් තියාගෙන ඉන්න කොන්දක් නැති, දෙකේ පන්තියේ කතා කිය කිය යන යන, පඹයෙක් වෙන ජනාධිපති මේවට වග කියන්න ඕන.

  10. dinesh,fernando says:

    ow ithing araabi bahashawen liwwoth weradida??? araabi ratawal wala indhala ne udaw hambawenne ape lankawata kanniya lassana paalama hadanna Saudi araabiawalin koati gaanak salli hamba wuna mahindata..

    ae wage den maithreetath hambawuna atheethayen Billion 75k Dollars hambawei Juni 24 wenida ape lanka bankuwata aei devolopement Money from Saudi araabia…

  11. charles says:

    SIRISENA AND RANIL are the two worst leaders sri lanka ever had.even though past leaders very corrupted they did not anything bad for the nation

  12. Dilini says:

    Mewata hari haman nithireethi kriyathmaka karanna wahabinge mudalwalata yata nowena konda pana athi nayakayan awashyama kalaya awilla. Wahabi salli billion ganan gilapu yamapalana mathi amathiyange depala rajasanthaka karanna.Rishadta wiruddawa kathakaranna akamathi hama ekama wahabingen salli gilala kiyala karana kathawalinma hondata oppu wenawa.

Main News