නැගෙනහිර හා බටහිරට පර්යන්ත ගැන තීන්දු ගත්තේ සෞභාග්‍යයේ දැක්ම අනුවමයි… එය 69 ලක්‍ෂයක් අනුමත කර අවසන්..

February 3, 2021 at 6:26 am | lanka C news
නැගෙනහිර හා බටහිරට පර්යන්ත ගැන තීන්දු ගත්තේ සෞභාග්‍යයේ දැක්ම අනුවමයි… එය 69 ලක්‍ෂයක් අනුමත කර අවසන්..

කොළඹ වරායේ උපායමාර්ගිකව ඉතාමත් වැදගත් පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කර, පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය, ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූල, 69 ලක්ෂයක ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ඓතිහාසික තීන්දුවක් බවත් එය හෑල්ලුවට ලක් කරන්නේ එදා ‘යහපාලන ආණ්ඩුව’ හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන විට ‘බකන් නිලාගෙන’ සිටි පිරිසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව දිගු කලක් තිස්සේ ඇදෙමින් තිබූ ගැටළු සහගත සංවාදය (01) කැබිනට් මණ්ඩලය ගනු ලැබූ ඉතාමත් යහපත් තීන්දුවකින් අවසන් කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව අනුව, කොළඹ වරායේ ඉතාමත් වැදගත් පර්යන්තය වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. උපායමාර්ගික වශයෙන් වැදගත්, වැඩි ගැඹුරක් සහිත පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ වගේම තව වසර කිහිපයකින් ඊට යාබදව ඇති ජෝන් කීල්ස් සමාගම සතු SAGT පර්යන්තය ද වරාය අධිකාරිය සතුවන විට එම පර්යන්ත දෙකම පාවිච්චි කරලා ප්‍රතිඅපනයනය එසැනින්ම කිරීමේ හැකියාව ලැබෙන්නේ ද නැගෙනහිර පර්යන්තය හිමි වන පාර්ශ්වයටයි.

‘ජානිපෙ ස්ථාවරය’

පක්ෂයක් ලෙස මුල සිටම අපගේ ස්ථාවරය වුණේ ‘සෞභාගයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් ආකාරයට කොළඹ වරාය සංවර්ධනය කළ යුතු බවයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි 58 වැනි පිටුවෙහි ඒ බව මෙසේ සඳහන්ව තිබෙනවා. ‘කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහාලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නංවන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කෙරේ. දැනට මෙහෙයුම් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටස ද නොපමාව ඉදි කරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජකයන් ද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. නැඟෙනහිර පර්යන්තය සහ SAGT අතර කොටසෙහි නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනය කෙරේ.’ ඒ ප්‍රතිපත්තිය අනුව යමින් තමයි ඊයේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ. නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සහ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම යන කටයුතු දෙකටම අදාළ කැබිනට් පත්‍රිකාව සැකසී ඇත්තේ 69 ලක්‍ෂයක ජනවරමක් ලැබුණු ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බව අවධාරණය කළ යුතුයි.

‘තක්කඩිකම’

දැන් ඇතැමුන් බබ්බු වගේ, දැන දැනම නැඟෙනහිර පර්යන්තය සහ අනෙකුත් පර්යන්ත එක සමාන බව හඟවන්න හදනවා. ඒක තක්කඩිකමක්. ඒ නිසා ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලය මෙම තීන්දුව ඉතාමත් නිවැරදිව ගැනීම පිළිබඳව අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිනවා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන විට සටන් කිරීමට ඒ ආණ්ඩුව ඇතුළේ කිසිවකු සිටියේ නැහැ. එළියේ සිටින ජනතාවගේ වේදනාව අහන්න එදා ඒ ආණ්ඩුවේ කිසිවකු සිටියේ නැහැ. එළියේ නඟපු ජනතා හඩට එදා නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ හිටි අප පමණයි. ‘රතු කමිසධාරීන්‘ එදා රනිල් වික්‍රමසිංහගේ ‘ඔඩොක්කු කුක්කෝ‘ වෙලා හීන් කෙඳිරියක් පමණක් නඟලා, හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණා දමන තෙක් බලා සිටියා.

නමුත් නැඟෙනහිර පර්යන්තය සුරැකීමේ සටන ඇතුළේ ‘පොහොට්ටුවේ ’වෘත්තීය සමිතිය, ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂවල වෘත්තීය සමිති ඉදිරියෙන්ම හිටියා. ඒ වගේම ආණ්ඩුව ගොඩනැගීමට කැප වූ ජාතික බලවේග මේ සටනේදී පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. ඒ වගේම අපත් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් වරාය අධිකාරිය මගින් සිදුකළ යුතුයි’ කියන ස්ථාවරය ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් මේ සෑම කරුණක්ම ඉතාමත් මැනවින් අධ්‍යයනය කරලා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති උපායමාර්ගික වැදගත්කම නිවැරදිව තක්සේරු කරලා, ඒ වගේම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව අද ගෙන ඇත්තේ ඓතිහාසික තීන්දුවක්.

‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාව’

මුල් අවස්ථාවේදී නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍යවේදී ඔබ අපෙන් විමසන විට අපි සැමවිටම කිව්වේ ‘තීරණාත්මක කැබිනට් පත්‍රිකාවක් මගින් අවසන් තීන්දුව ඒවි. එතෙක් ඉවසන්න’ කියලයි. ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාව තමයි ඊයේ රැගෙන එනු ලැබුවේ. එමගින් තමයි අවසන් තීන්දුව ගනු ලැබුවේ. අපට විශ්වාසයක් තියෙනවා, ‘ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යතුමන් නායකත්වය දෙන ආණ්ඩුවක් රටට අහිතකර තීන්දු ගැනීමට තල්ලු වෙන්නේ නැහැ’ කියා.

‘සටන් සඟයන්ට අපගේ ප්‍රණාමය’

නැඟෙනහිර පර්යන්තයෙහි උපායමාර්ගික වැදගත්කම වටහාගෙන එය වරාය අධිකාරිය යටතේ පූර්ණ වශයෙන් තබාගෙන සංවර්ධනය කළ යුතුයි, කියන ස්ථාවරයේ සිටිමින් සටන් වැදුණු අපේ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු මහා සංඝරත්නයට ද වෘත්තීය සමිති ඇතුළු සියලු ජාතික බලවේගවලට ද අපගේ කෘතවේදීත්වය, ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එදා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කැපවුණු ‘හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්වරු’ ඒ ‘යහපාලන ආණ්ඩුව’ ජාතික සම්පත් විකුණන විට කටක් ඇරියාද? එදා දඹර අමිල වැනි හාමුදුරුවරු, සරත් විජෙසූරිය වැනි ආචාර්යවරුන් රටට අහිතකර තීන්දු ගන්නා විට කටක් ඇරියාද?

‘මෙන්න වෙනස’

මෙන්න මෙතැන තමයි වෙනස තිබෙන්නේ. අපේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවුණු බලවේගයම තමයි ආණ්ඩුව නිසි මඟ රැගෙන යාම සඳහා පුරෝගාමී වන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිදුවන දෙයක්. ආණ්ඩුවේ ඇස් වහලා වැරදි පාරේ ගෙන යාම තමයි ආණ්ඩුවට කරන අයහපත. රටට, ආණ්ඩුවට කරන යහපත වන්නේ මහජනයාට සංවේදී ආකාරයට ආණ්ඩුව පවත්වා ගෙන යාමට සහාය වීම. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි මේ ප්‍රශ්නයේදීත් කටයුතු කළේ. අපි හිතනවා මේක වැදගත් ජයග්‍රහණයක් කියලා. එදා හම්බන්තොට වරාය ‘ගෙඩිය පිටින්’ විකුණන වෙලාවේ ‘බකන් නිලාගෙන’ හිටපු සමහර උදවිය අද මේ ජයග්‍රහණය හෑල්ලු කරන්න හදනවා. ඒ අයගේ දේශපාලන පරාජිකත්වය ගැන අපි පුදුම වන්නේ නැහැ. මේක ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ සහ මුළුමහත් ජනතාවගේ ජයග්‍රහණයක් බව යළිත් අවධාරණය කරනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

23,061 views

15 Comments to “නැගෙනහිර හා බටහිරට පර්යන්ත ගැන තීන්දු ගත්තේ සෞභාග්‍යයේ දැක්ම අනුවමයි… එය 69 ලක්‍ෂයක් අනුමත කර අවසන්..”

  1. polgahawela says:

    ඇහ අත්හද බලමුකෝ මහතයෝ උබලට වැරදිලා . තව ටික කාලයක් රගන්නකෝ . අයත් දවසක් එනවා

    • Nimal says:

      2015 උඹලට අහුඋන මොඩයෝ දැං නෑ බං

    • හතර හිනා says:

      මේගොල්ලෝ නැග‌ෙනහිර ජැටිය ගලවගත්එක හරියට ගෝටව පලංචියේ ඉන්දවලා කු‍‍ඤ්ඤය ගලවාගත්තා වගේ මරිගොංකමක්.ඉන්දියාව දැනටමත් ලංකාවට අනතුරු අඟවලා..තොපිව තට්ටම‌ෙන් යවනවා කියලා.
      ඔන්න රජපවුලේ ආරක්ෂාවට වඳුරන් යොදව ගත්තහම ව‌ෙන දේ..රජාගේ ඇගේ මැස්සා වැහුවම වඳුරා මැස්සට කොටනවා.වාසු,විමල් ගම්මා වගේ වඳුරන්ගේ වඳුරැ උපදේශ හින්දා බඩුම තමා..

      • Nimal says:

        2009 ඉංදියාව බැලන්ස් කරලා යුද්දේ ඉවරකරපු අපේ ස ට ඔිවා සිමිපල් බං තොපි බයේ ගැහි ගැහි ඉංදියාවටයි ඇමරිකාවටයි පුක දුන්නට අපේ නායකයෝ එහෙම නෑ බොල. උඹලගේ පාන්ඩු ආන්ඩු බයේ ලියලා දිපු තව දේවල් තියෙනවා ඉංදියාවෙන් ආපහු ගන්ට.

      • opps says:

        ඇත්ත ඇත්ත ලපයා වගේ සුපිරි උපදේශ ඩෑල් එකක් නැති එකේ පාඩුව. ඌ තමා නියම බාන්ඩෙි

      • මටහරි චුන් මෙන්න වෙන්න යන දේය නැගෙනහිර ජැටියට සහා බටහිර ජැටියට ටෝයි,බයියෝයි 69 ලක්ෂයේ ගොන් බයියෝයි හොඳට කන්දේකේ ටින්කිරි සුද්දකරගෙන මෙන්න මේ ටික අසාගනිල්ලා,දැන් උබළා දවස් ගණනක් යුද්දය ප්‍රකාෂ කරළා නැගෙනහිර ජැටිය බේරාගත්තා කියා නේද සිතා ඉන්නේ? එසේනම් උබළා පැරදුන් බං රාජපක්ෂ ගැන්සිය එතරම්ම මෝඩ නැහැ කියා තෝපිළා දන්නේ නැද්ද?? එසේනම් දැනගනිල්ලා මුන්ට අවශ්‍යය නැගෙනහිර ජැටිය දෙන්න නෝවේ බටහිර ජැටිය ඉන්දීයාවේ  අදානිලාට දීලා නැගෙනහිරටත් වඩා දියුණු කරන්නයි ජපානයටත් නොදී අන්න එකේ එක ප්‍රථිපලයක් තමයි 85% තනිකරම ඉංදියාවටදීම.දැන්වෙන්නේ මෙන්න මෙහේමයි තෝපිළා කට්ටිය නැගෙනහිර ජැටියේ අතල්ගන්නාවිට මේ රාජපක්ෂලා ගැන්සිය නැගෙනහිර ජැටිය  දියුණු කරණවා වෙණුවට බටහිර ජැටිය ඉක්මණින්ම දියුනුකරනවා ඉතාමත් අතිසාර්ථක විදියටම ගැඹුරු අතින්ද එයටපසු එන සියලුම බහාලුම් ගණනාවක් රැගෙන එන සියලුම නැවු උබළා බලාගේන සිටිදීම ලස්සණට බටහිර ජැටියට නැවුටික berth කරලා වැඩ යනවා දීඩි,දීඩි ගාලා එක උබළාගේ ඇස් කන්වලින් තරු පෙනෙන්න බලං ඉන්න වෙන්නේ එවිට තොපිළට වෙන්නේ අර මම කියාපු අමුඩ කේටිය ඇඳගෙන බටහිර ජැටියේ කාර්යක්ෂමය බලාගෙන අතේ ගසන්නැයි කොහොමද රාජපක්ෂලාගේ ටින්කිරි මොළේ? අනෙක  රේජිමයා ඔය ඔක්කොම බොරු නාටක උබලට පෙන්වන්නේ ඇයි උබළා මේවා දාපු ගමන් ඇඳගන්නවානේ එකසිය ගාණට දැන්වත් ඔය ඇඳගැනිල්ල නතර කරපියවූ. බොළාට නොතේරුණාට ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.දැන්වත් ඉක්මණට තවත් උද්ගෝෂණයක් කරපල්ලා ගැසට් එකක් මගින් වියවස්තාව සංශෝදනය කරන්න මෙන්න මේ විදියට නැවත කිසිදවසක ශ්‍රිලංකාවේ කිසිමදෙයක් පිට රටුවන්ට විකුනන්නෙත් නැහැ බදු දෙන්නෙත් නැහැ කියා,ඒවගේම ඉක්මණට දොඹකර සහා අනෙකුත් උපාංග ගෙනත් සවිකරන්න නැගෙනහිර ජැටියේ  එය නොකොළොහොත් උබළාසැමදාම අඳුරේ අන්න එක හොඳට මතක තියා ගනිල්ලා ඔය ටෝයි,බයි සෙල්ලම දැන්වත් නවතා.  

  2. aniwa says:

    මේවා පටන් ගත්තේ යහපාලන ආණ්ඩු කාලේ ජෙප්පන්ගේ අනුශාසනා මැද.
    අනේ පවු දැන් අප්පච්චිටයි සර් ටයි තමයි ඒ පවු වලට කර ගහන්න වෙලා තියෙන්නේ,
    ඇත්තටම දුකයි විමල් සර් අපේ රට ජාතිය ගැන විඳින දුක් කන්දරාව දැකල.
    ජය වේවා සර් අපි සදා ඔබට ගැතියි !

  3. හතර හිනා says:

    මේගොල්ලෝ නැග‌ෙනහිර ජැටිය ගලවගත්එක හරියට ගෝටව පලංචියේ ඉන්දවලා කු‍‍ඤ්ඤය ගලවාගත්තා වගේ මරිගොංකමක්. ඉන්දියාව දැනටමත් ලංකාවට අනතුරු අඟවලා..
    ඔන්න රජපවුලේ ආරක්ෂාවට වඳුරන් යොදව ගත්තහම ව‌ෙන දේ..රජාගේ ඇගේ මැස්සා වැහුවම වඳුරා මැස්සට කොටනවා.වාසු,විමල් ගම්මා වගේ වඳුරන් හින්දා බඩුම තමා..

  4. mali says:

    hari hari Hari……….

  5. Alapaluwa says:

    හරියටම හරි. කෙලින් කතාව. අපි ඔබ සමගයි වීරවංශ මහත්තයො. ජනාධිපතිතුමා ගන්න ඕනම තීරණයකට අපි අත් දෙකම උස්සනවා.

  6. I ask the Ministers of this Rajapaksa Govt. which was elected to power by a massive 6.9 Million voters, mainly Sinhala Buddhists, not to deceive and mislead with bloody lies about giving the Colombo Harbour to greedy and Sri Lanka’s opponent, Lankawe mithurekuta wada hathurekwana, to India, our Colombo harbour is the Gem Icon Asset of the Sri Lankan people.
    The world leading newspapers reported today that the Majority Sri Lanka people are vehemently against, giving their Icon-Port of Colombo to a Joint Venture between India/Japan.

  7. Oya kawubagye dekma minissu kiyawewwe nehe. 226,denawath kiyawa nehe. Chanda dunne Arun epawela siti nisa

  8. Darshana abayakoon says:

    කලින් ආන්ඩුව විකුනපු එවත් ගන්නව කියල වෙදිකාවල මොර දීපු දෙශප්‍රෙමියො දැන් කියනව දේපොල විකුනන්න ජන වරමක් හම්බුනාලු. රටේ කරුමෙට බහුතරයක් ජනතාව තමන් රැවටුනා කියල වත් දන් නෑ. උන් තාම මේ වියාජ දේශ ප්‍රෙමියොන්ටයි හාල් පාරු කහ කඩයොන්ටයි කඩේ යනව.

    • ක්‍රිමිනල් says:

      පෙට්ටම්කාර විමල්ට සහ සම”හරක්” පුම්නක්කු බෛයන්ට අනුව , නැගෙනහිර පර්‍යන්තය නැතුව ,වරායේ වෙනත් කොටසක් දීම සෞභාග්‍යේ දැක්මට සාපේක්ශව සාධාරණයි. මේක හරියට අමූ වනචරයෙක්ට ,සල්ලාලයෙක්ට අක්කා නොදී ,නංගී දිලා පාටී දානවා වගේ වැඩක්. මුන්ගේ දේශප්‍රේමය තියෙන්නේ රෙද්ද පල්ලේ. මෙවට අහුවෙන ගොං බෛයො ඉන්න රටක් මේක.

  9. ක්‍රිමිනල් says:

    හරි බං එල , ලස්ස හැටනමයක් වූ බෛයො මේ පාණ්ඩුව පත්කරලා තියෙන්නේ , ඉන්දියාවට නැ.පර්‍යන්තය දෙන්නැතුව ,බටහිර පර්‍යන්තය දෙන්න , හැබැයි පාණ්ඩුවේ බෛයොම කියනවා බටහිර පර්‍යන්තය කියලා දෙයක් නෑ ,ඒ කියන්නේ හෙලවෙන මනසට කියලා . යකො , නැගෙනහිරද ,බටහිරද කියලා අදාලතාවයක් නෑ , මොකක් උනත් මේ රටේ දේපොල මේ රටේ ජනතාව සතුයි ,තොපිට ඔනෙ ඔනේ විදියට අරක නැතුව මේක දෙන්න ,උබලා ගෙදරින් අරගෙන ආපූ බූදල් නෙමෙයිනේ මෙව්වා , තොපී ,හමුදා මුලාස්ථාණය චීනෙට සින්නක්කරේට වික්කා , පොර්ට් සිටියේ හෙක්ටයාර ගානක් චීනෙට සින්නක්කරේට දෙන්න පිඹුරු පත් හැදුවා , මෙලො රහක් නැති සුදු අලි වියාපෘති හදාගෙන චීනෙට රට පාවලා දුන්නා ,මේ සැරේ විරුවෙක් පත්කරගෙන ,ඉතුරි ටික ඉන්දියාවට දිලා දානවා..මොක්කුද බං උබලා ,උබලා දේශප්‍රේමිද ?

Main News