‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් දින්නත් අන්තිමේ ජවිපෙ පැත්තක්ම යයි..

January 13, 2019 at 3:28 am | lanka C news
‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් දින්නත් අන්තිමේ ජවිපෙ පැත්තක්ම යයි..

විමල් වීරවංශ මහතා විසින් රචනා කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කරන ලද නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජයගෙන ඇතත් ඔවුන් දේශපාලන වශයෙන් මාරාන්තික පරාජයක් ලබා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

2008 හා ඒ ආසන්න කාලසීමාවේ ජනතා විමුක්ති පෙරමුණ තුග ඇතිවූ මතවාදී සංවාදය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේඛන ගණනාවක් ඇතුළත් කරමින් අදාළ කෘතිය රචනා කරන ලද බවත් එය එළි දැක් වූ අවස්ථාවේ ජවිපෙ නායකයන් විසින් එම කෘතියේ අඩංගු සියල්ල අසත්‍යයැයි බැහැර කළ බවත් ඔහු සඳහන් කළේය.

නමුත් වාණිජ මහාධිකරණයේ දී නඩු පවරමින් එම කෘතියේ අඩංගු ලේඛණ තම පක්ෂය සතු බුද්ධිමය දේපල නිසා එම ප්‍රසිද්ධ කිරීම තහනම් කරන්නැයි ඔවුන් ඉල්ලීමෙන්ම එම කෘතියේ අඩංගු ලේඛණ සත්‍ය ඔවුන් පිළිගෙන ඇති බවත් මුසම්මිල් මහතා කියයි.

එමෙන්ම අධිකරණය හමුවේ ඔවුන් කිසිදු අවස්ථාවක කෘතියේ කරුණුවල සත්‍යතාව සම්බන්ධයෙන් විවාදයට ලක් නොකල බවත් ඔවුන් වසර 10ක කාලය පුරාම තරක් කලේ කෘතියේ ඇත්තේ තම පක්ෂයේ බුද්ධිමය දේපලක් බවටත් පවසූ මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම අධිකරණ ක‍්‍රියාමාර්ගය මගින් ජනතා විමුක්ති පෙරමුණ තුළ වූ සැබෑ සංවාදය රටේ ජනතාව දැන ගැනීම වාරණය කරගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෙම නඩුවේ තීන්දුව ඉහල අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරනා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

38,547 Viewers

6 Comments to “‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් දින්නත් අන්තිමේ ජවිපෙ පැත්තක්ම යයි..”

  1. NAK says:

    So, the value of truth is Rs.Ten million.Not bad. What Wimal should now do is to publish the truth on the internet through a proxy.

  2. මාතර සුනිල් says:

    ජෙප්පන්ට ලැජ්ජාවක් නැහැ. මොකද ලපය සහ කණ්ඩායම ඉන්නේ හෙළුවෙන්.

  3. ගන්ජ බන්ඩා says:

    ගිය සැරේ ජවිපෙ දිනුවෙ මංත්‍රි ආසන හතරය් නැෂනල් ලිස්ට් එකය් කොටේ එකය්. ලබන සැරේ තනිව ඉල්ලුවොත් මංත්‍රි ආසන දෙකය් නැෂනල් ලිස්ට් එකය් කොටේ නැහැ. ඔක්කොම තුනය්. රෙද්ද උස්සපු වෙචආරච්චි ගෙ එතබැලුව නම් ඊට වැඩිය හොඳය් ලපයො.

  4. Nuwan says:

    Can’t we find PDF of this book

  5. රටවැසියා says:

    මේ පොත internet එකට දානවනම් හොදයි. නැත්ත වෙනුවට ඇත්ත හැමෝටම බලාගන්න පුලුවන්.

  6. ජෙප්පෝද UNPකාරයෝය says:

    හහා! දැනටමත් ඒක internet එකට දාල. පහල තියෙන link වලින් ගන්න පුලුවන්.

    https://drive.google.com/file/d/1UoQ5OEoSva3Qw6-szuJbbsLjFGsg5WMy/view?fbclid=IwAR05lbu9j7cXvNKX9-FkXuUV_1DPbR1T2RnSePFV8C3r1PgJRJ7KMJgPYLw

    https://www.facebook.com/sriavtvN/photos/a.1774809366176932/2272342833090247/?type=3&theater

Main News