නැතැයි කියු නැකැත් හෙට තියෙයි.. මද්‍යම අධිවේගියේ දෙවැනි කොටස හෙට ඇරඹේ..

October 5, 2016 at 5:30 pm | lanka C news
නැතැයි කියු නැකැත් හෙට තියෙයි.. මද්‍යම අධිවේගියේ දෙවැනි කොටස හෙට ඇරඹේ..

උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය මඟින් ක‍්‍රියාත්මක කරන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (10/06) දින පෙ.ව 8.00 ට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගිරිඋල්ල බෝයවලාන මංසන්දියේ දී ආරම්භ කෙරේ.

කොටස් 4ක් යටතේ ඉදිකරනු ලබන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතී.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස සහ සිව්වන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ද ඉතා කඩිනමින් ආරම්භ කිරීමට සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබාදී ඇත.

සමස්ථ ව්‍යාපෘතිය වසර 03ක් තුල නිමා කිරීමට සැලසුම් කර තිබේ.

– රජිත සමරසූරිය

43 views
Main News