නැති පුරප්පාඩුවකට පහලොස්දාහක් සම්මුඛ පරීක්‍ෂණ කැදවති..

September 23, 2016 at 8:40 am | lanka C news
නැති පුරප්පාඩුවකට පහලොස්දාහක් සම්මුඛ පරීක්‍ෂණ කැදවති..

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල සදහා සුළු සේවකයින් එකොලොසේ දෙනෙකු බදවා ගැනීමට මේ දිනවල බෞද්ධාලෝක මාවතේ පිහිටි දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙයි.

මෙම තනතුර සදහා මේ වන විටත් අයදුම්පත් පහලොස්දහසක් පමණ ලැබී ඇති අතර එම පිරිස් සදහා දිනකට පුද්ගලයින් 500ක් කැදවමින් සම්මුඛ පරීක්‍ෂණ පවත්වයි.

මාස දෙකක පමණ කාලයක් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම පුරප්පාඩු 11 සදහා වේලාසනම පුද්ගලයින් තෝරාගෙන අවසන් යයිද අබ්‍යන්තර ආරංචි මාර්ග කියි.

0 views

One Comment to “නැති පුරප්පාඩුවකට පහලොස්දාහක් සම්මුඛ පරීක්‍ෂණ කැදවති..”

  1. Dilan says:

    ඇයි යකෝ තොපිම නේද කෑ ගැහැවුවෙ ගියපාර ආණ්ඩුව එක රජයේ රැකියාවක්වත් දුන්නේ නැහැ කියල

Main News