නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.. භූමිතෙල් හා ලයිටරය මහ රහසක් සගවයි..

July 28, 2021 at 9:20 am | lanka C news
නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.. භූමිතෙල් හා ලයිටරය මහ රහසක් සගවයි..

රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි බාලවයස්කාර මෙහෙකාරිය ගින්නට හසුවී ඇත්තේ භූමිතෙල් කර ගැනීමෙන්ද කිසිවෙකු ඇයට භූමිතෙල් පත්කිරීමෙන්දැයි සැකයක් පරීක්ෂණ කණ්ඩායම්වලට ඇතිවී තිබේ.

ඒ අනුව එම නිවසට භූමිතෙල් ගෙනා පුද්ගලයා මුලින්ම හඳුනා ගැනීමට පරීක්ෂණ කරමින් සිටි.

එම පුද්ගලයා හඳුනා ගතහොත් භූමිතෙල් නිවසට ගෙනාවෙ කුමන හේතුවකටද යන්න විමර්ශන වලට බෙහෙවින් ඉවහල් වන බව පරීක්ෂණ නිලධාරියෙක් සඳහන් කළේය.

බදුදීන් මන්ත්‍රීවරයාගේ නැන්දනිය විසින් විමර්ශනවලදී කරුණු හෙළිකර ඇත්තේ නිවසේ සේවය කරන රියදුරු ලවා භූමිතෙල් ගෙන්වා ගත් බවයි.

නමුත් රියදුරාගෙන් ප්‍රශ්න කළ විට නිලධාරීන්ට ඔහු පවසා ඇති තමන් කිසිවිටකත් ඇමතිවරයාගේ නිවසට භූමිතෙල් ගෙනැවිත් නැති බවය.

එමෙන්ම සේවිකාවගේ කාමරයේ තිබී සොයාගත් ලයිටරයේ එක හිමිකරු කවුද එය මෙහෙකාරියගේ කොට්ටය අසලට පැමිණියේ යන කෙසේද යන්නත් විමර්ශන නිලධාරීන් දැඩිව අවධානය යොමු කර ඇත.

නිවසේ තවත් සේවිකාවක් සිය ප්‍රකාශයේදී සඳහන් කර ඇත්තේ ඇමතිවරයාගේ නිවසේ කිසිදු දිනයක භූමිතෙල් හෝ ලයිටරයක් පාවිච්චියට නොගත් බවයි.

115,001 views

18 Comments to “නැන්දනියටත් කට වැරදේ.. රියදුරුගේ සාක්‍ෂියෙන් හෙලිවෙයි.. භූමිතෙල් හා ලයිටරය මහ රහසක් සගවයි..”

  1. SL says:

    දරුවන් මෙහෙකාර සේවයේ තබා ගැනීමම නින්දිත ක්‍රියාවකි.මෙවනි දරුවන් පාසැල් යායුතුය.

    • යකා says:

      අර නීතිඥ සංගමයේ ඉන්න ගුණරත්න වන්නිනායක කියන බුරුවා කියනවා ළමයාගේ වයස 15 නෙමේ 16 ලු. එක හින්ද මේ කරන්නේ දේශපාලන උවමනාවක් ලු. ඌ හිතන්නේ 16 කෙල්ලෙකුට කරදර කලාම, වැඩකාර කමට ගත්තම කමක් නෑ කියල 😀

  2. Sun says:

    This is a real criminal. It is like a story. Things were happening in this country as the big politicians were dominating the law issues rather than giving it to the law enforcing bodies. Is this democracy. That is why the country in a standstill due to these political Idiots. We got loss almost everything.

  3. ලමයා says:

    මේ සිද්ධියේ ඇත්ත නැත්ත හොයන වැඩේ පහේ පන්තියේ ලමයෙකුට බාර දුන්නා නම් මීට වඩා හොඳට කරාවි. සුමාන තුනකටත් වඩා කාලයක් අත ගගා මේ කරන පොලිස් විමර්ශයෙන් ඇති වැඩේ මොකක්ද? මිනිස්සුන්ගේ සල්ලියි කාලයයි කාදමමින් මෙහෙම වැඩ කරලා රටවල් දියුණු වෙන්නේ කොහොමද? මෙතරම් පුංචි දෙයක් හොයාගන්න දගලන දැගලීමක්. මොනවාද ඉතින් අමු වංචාව තමයි.

    • cw says:

      ලමයා, ගොනා වුනාට උම්ඛෑ කියන්ට එපා. හරියට සාක්ෂි ඉදිරිපත් නොකර නඩුව අහක ගියොත් මොකද වෙන්නෙ?

    • ජහ මනයා says:

      පොඩි එකාගේ ලියුම වගේ . හංගන්න ඕන එව්ව ඕඩිහෙලේට එලියට දාල , එලියේ පෙන්නන්න ඕන එව්ව සකසුරුවමට හංගලා . අනේ ඉතිං මෝඩ ජහමනයා කට ඇරං ඇස් පියං බලං ඉංනෝ .

      • Dilan says:

        යහ පාලනේ පරීක්ෂණ තිබුනේ නැහැනේ නේද?
        කෙලින්ම ඇතුලට දැම්ම, මෝඩ චූන් ගත්තා

    • තෝ නම් ළමයෙක්ම තමයි.. says:

      ළමයා කියලවත් හරියකට ලියා ගන්න දන්නැති තෝ නම් ළමයෙක්ම තමයි..
      තොටත් ඕන “ස්වාමීනි, මේන් මං අද ගෙනාවා ගොයං කොළයක්. මේකට මුවා වෙලා වෙඩි තියන්න කාටවත් පුළුවන් ද​? මගේ සේවාදායකයා නිදහස් කරන්න​” කීවාම​, ඒක පිළිගත්ත ගොබ්බ විනිසුරුවරු ඉන්න රටේ, මේ වගේ මිණී මැරුම් වල​, අලගිය​, මුළ ගිය හැම තැනක්ම​, දවසින් හොයාගන්න පුලුවන් කියලා තෝ හිතනවද​?

      • Real JVP says:

        උගෙ අම්මගෙ විමර්ශන කිරිල්ලක්නෙ මේක.
        දවසින් දවස විමර්ශන කරන හැම රෙදදක්ම එලියට දානවා.
        විත්තියේ නීති මහත්වරුන්ට කේස් එකෙන් රිංගන්න තැන් ගොඩනගා ගන්න පුලුවන් මේ විදියට.

  4. KDN says:

    It is obvious someone wants to hide the case under the carpet. If police fails to find the fellow who brought kerosene and lighter to this place , better send them home. Why don’t they check the finger prints on the kerosene bottle & lighter.

  5. Sherlok Hormes says:

    Mema pareekshanaya Rahas Policiyata/ Aparaada Pareekshana Departhamenthuwata (CID) baara nodeema gataluwaki?

  6. JaGa says:

    ඔය ගෙදරට ‘පොල්තෙල්’ ගෙනාපු කෙනාව මුලින් අල්ලා ගන්න!
    ඒක හොද සාක්‍ෂියක් වෙයි!
    මොකද දෙකම තෙල්නේ!

    • මැට්ටා says:

      ඒකනේ . පොල්ලේ තෙල් = පොල්තෙල් . නැද්ද හා .

  7. බන්ඩා says:

    දැරිය ඉස්පිරිතාලෙ පන පිටින් හිටිය දින 13 නේ පොලීසිය ඇගෙන් කට උත්තර නොගත්තේ බදුර්දීන් ගේ මුදල් වල බලය නිසාද?

    • ක්‍රිමිනල් says:

      ඒක තමා මාත් බැලුවේ. දොස්තරලා නීතියෙන්ම ඒ සදහා බැදී සිටිනවා.

  8. Jagath Silva says:

    Boomithel wala badu adu karana bawa news labee bumi genna ethi

  9. Amda says:

    කේස් එකේ ඔක්කොම විස්තර මාධ්‍ය වලට දෙන්නේ ඇයි???

    විත්තියේ එවුන්ට බේරිලා යන්න පාර කපන්න ද ?

    නීතිය ක්‍රියාත්මක කරලා මුන්ව එල්ලපිය!

  10. STF says:

    ලයිටර් එකේ සහ භුමි තෙල් බෝතලයේ ඇගිලි සලකුණු බැලුව නම් වැඩේ ඉවරයිනේ.

Main News