නැනෝ දියර පොහොර කෑන් පුපුරා යති..

December 8, 2021 at 10:22 pm | lanka C news
නැනෝ දියර පොහොර කෑන් පුපුරා යති..

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති.

නැනෝ පොහොර යනුවෙන් සඳහන් පොහොර දියර පොහොර කෑන් දෙසියයක් පමණ තමන්ට ලබාදුන් බවත් ඉන් සියයත් පමණ පුපුරා ඇති බවත් ඔවුන් කියා සිටිති.

වෙව දියර පොහොර වගාවන්ට යෙදීමද ඉතා අපහසු බවත් සමේ ආසාදන හට ගන්නා බවත් පවසන ඔවුන් පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන බව කියා සිටියහ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම පොහොර සම්බන්ධයෙන් නිසි අදහසක් නැති බව ද ඔවුහු පැවසූහ.

48,042 views

24 Comments to “නැනෝ දියර පොහොර කෑන් පුපුරා යති..”

  1. Jayashantha says:

    ඕවා supiri indian බඩු boliwood වලින් ගෙනල්ලා තියෙන්නේ තොපිට ගහන්න බැරිනම් නිකන් හිටු.

    හෙට අනිද්දා American කොම්පැණිවලට තොපේ ඉඩම් ටික දීපන්කො ලස්සනට

    ඇමෙරිකා ඉංදියා China

    ජයවේවා ජයවේවා ජයවේවා

  2. 0.00069 BIYYO says:

    බෝතල් ඉදිමිලා පුපුරක්නෙ ඇක්ටිව් බැක්ටීරියා වලින් හැදෙන ගෑස් වල පීඩනයටය්. ඔය දෙන දියර කුඹුරැ වලට හරි යන්නේ නැහැ. ඔය වගේ දියර ලංකාවෙ ඕන තරම් තියනවා. මුන් ඒවා ටෙස්ට් කරන්නෙ වත් නැහැ.
    ඔය නැනෝ නයිට්‍රිජන කියන්නෙත් නැනෝ යූරියා ියන්නෙත් එකම දියර පොහොරකට. මහිදානන්ද රටම ගොනාට අන්දනවා. ඕකට සමාන ඩයිගෙස්ෂන් දියර පොහොර ලංකාවෙ හදාගන්න හැකියාව තිබියදී ඉන්දියාවෙන් ගෙනාවෙ පොහොර ලේඛමේ උන් සමග හොරා කන්නය්. මාපියාව රසායනික ⁣ගැන්සිය නෙවෙය් කාබනික ගැන්සියය්.

    • පිපිරීම ද කලාවකි. says:

      ඔය කෑන් පුපුරන එක හොඳයි ඒකෙන් ඔප්පුවෙනවා කෑන් ඇතුලෙ තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්වපු වතුර පමණක් නොවන බව. සමහර දේශපාලකයින් සිතා සිටින්නේ ඉන්දියාවෙන් වතුර ගෙනත් ලංකාවේ පැළවලට ගැහුවාම එය ඉතා සාරවත් ලෙස වැඩී අධි පලදාවක් දෙන බවයි. එරට ජලයට ඒ හැකියාව ඇති බවයි. පුපුරපු කෑන්වලට වඩා පුපුරපු නැති කෑන් ගැන යම් කිසි කාලයක සොයා බැලීම වටී

  3. නැනෝ කෝ නෝ says:

    කලකට පෙර ශරීර ආලේප වර්ග නැනෝ තාක්ෂණය යොදා ගනිමින් විවිධ රටවල් වල නිෂ්පාදනය කෙරුන අතර ඒවා භාවිතා කළ අය අතර පිලිකා රෝග චර්ම රෝග බහුල විය. එවැනි නැනෝ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කල මූලිකව බලාපොරොත්තු වන කාර්ය ඉටු වුවද අමතරව පිළිකා වැනි විකෘතිතා ඇති නොවන බවට තවම සහතිකයක් දිය නොහැක. නැනෝ තාක්ෂණය යොදා නහය කට වසා ගත්තද ඒවා නිසා ඇතිවන බලපෑම කුමක්ද යන්න කීමට නොද. ඒ සඳහා දිගුකාලීන පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. ලංකාවේ දේශීය වී වර්ග ඇතුළු වල් පැලෑටි වලටද මින් ඇති කරන බලපෑම තවමත් කිසිවෙකුත් පර්යේෂණ කර නැත. දිගු කාලීන බලපෑම කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් ද නැත. දන්නා ක්‍රමය අනුව ක්‍රියා කිරීම සුදුසු වන අතර නවීන තාක්ෂණය හදිසියේ හදුන්වා දීම උචිත නොවේ. කරුණාකර දේශීය බිත්තර වී ආරක්ෂා කරන්න බුද්ධිමත් වේවා.

  4. නැනෝ නෝ නෝ says:

    කලකට පෙර ඉක්මන් ප්‍රතිඵළ දෙන නැනෝ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කල ශරීර ආලේප වර්ග ක්‍රීම්, ශැම්පු, වැනි නිෂ්පාදන විවිධ රටවල් වල නිෂ්පාදනය කෙරුන අතර ඒවා භාවිතා කළ අය අතර පිලිකා රෝග චර්ම රෝග බහුල බව පර්යේෂණ මගින් ඔප්පු විය. එවැනි නැනෝ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කල මූලිකව බලාපොරොත්තු වන කාර්ය ඉටු වුවද අමතරව පිළිකා වැනි විකෘතිතා ශාක වලටද ඇති නොවන බවට තවම සහතිකයක් දිය නොහැක. නැනෝ තාක්ෂණය යොදා නහය කට වසා ගත්තද ඒවා නිසා ඇතිවන බලපෑම කුමක්ද යන්න කීමට නොහැකිය. ඒ සඳහා දිගුකාලීන පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. ලංකාවේ දේශීය වී වර්ග ඇතුළු වල් පැලෑටි වලටද මින් ඇති කරන බලපෑම තවමත් කිසිවෙකුත් පර්යේෂණ කර නැත. දිගු කාලීන බලපෑම කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් ද නැත කාලයක් තිබුනේද නැත. දන්නා ක්‍රමය අනුව ක්‍රියා කිරීම සුදුසු වන අතර නවීන තාක්ෂණය හදිසියේ හදුන්වා දීම උචිත නොවේ. කරුණාකර දේශීය බිත්තර වී ආරක්ෂා කරන්න බුද්ධිමත් වේවා.

  5. damian says:

    කාබනික ද්‍රව්‍ය බැක්ටීරියා වලින් පැසවීම නිසා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා.
    පැණි බෝතල් උතුරනවා වගේ.

    • යූරියා කාබනිකද says:

      මේවා නැනෝ යූරියා කියල කියන්නේ. නැනෝ නයිට්‍රජන් කියලත් කියනවා. යූරියා කාබනික නෙමෙයි රසායනික ද්‍රව්‍යයක්. නැනෝ ලේබලයක් ගැහුවත් කාබනික නොවන දෙයක් කාබනික වන්නේ නැහැ. කොස් ගහක් පෙන්වා අඹ ගහක් කිව්වට ඒක අඹ වෙන්නේ නෑ. නෑනෝ යූරියා අකාබනිකයි. මොන මෝඩයා මොන විදියට ලේබල් ගැහුවත්.

  6. සමනා says:

    රාසායනික කාලෙත් ඉවරයි කාබනික මුලාවත් ඉවරයි දැන් වත් හෙළ ‌ගොවිතැන ගැන ඉගෙනගනිල්ලා. ‌ගොවියෝ ගැන දුක හිතිනවා. තමාගේ උරුමය අධ්‍යපනයෙන් අයින්කරා දැන් පොහොර මත, බීජ මත, දැනුම මත අනුන්ගෙන යැපෙන හිඟන්නො බවට ගොවිපුතුන් පත් කරලා.

  7. හැම දේම දැන් පුපුරනවා says:

    මේවා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සාදා ඇති නව නිර්මාණ වේ. මේ කෑන් එකක් කුඹුර හෝ වගා බිම් මැද තබා යන්න. එය පුපුරා ගෙයම හෝ වගාවට පොහොර ඕටොමැටික් ලෙස යෙදේ. මෙසේ යෙදීමෙන් බෝම්බයක් පුපුරනවා ලෙස අස්වැන්නක් ලබාගත හැකිය.

Main News