නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…

November 19, 2021 at 9:20 am | lanka C news
නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…

ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉන්දියාවේ ඇති විශාල තරගය නිසා 10%ක මිල අඩු කිරීමක් යටතේ විකුණන බවද ඔහු පැවසීය.

ලංකාවට එම දියර නයිට‍්‍රජන් ලබා දී ඇත්තේ රුපියල් අටසියයකට වැඩි මුදලකට බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පැවසූ විට ඔහු කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මේ ගැන විමසු විට ඔහු සඳහන් කළේ මෙම පොහොර ආනයනය කළ සමාගම විශාල ලාභයක් තබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වන බවයි.

ඔවුන් සමඟ සාකච්ඡා කළ එය අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු පැවසූ ඔහු පොහොර ආනායනය ඇත්තේ තමන් යටතේ නොවන බවද පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

134,398 views

28 Comments to “නැනෝ නයිට‍්‍රජන් ඉන්දීය සමාගම කොළඹ මාධ්‍ය හමුවක.. මිල 240යි.. මෙරටට ආනයනයේදී දැවැන්ත වංචාවක් හෙලි වෙයි…”

  1. Sunil Perera says:

    රාජපක්ෂලා සහ උන්ට සම්බන්ධ හැම එකාම කලේ ලොකු කුට්ටි පිටින් හොරා කෑම… සුනාමි සල්ලිත් පිල්ලි ගැහුවානම් ආයේ මොන කථාද… සල්ලි වලට මුන්ට තියෙන පෙරේතකම මැරෙනකල් නතරවෙන්නෙ නෑ….

  2. Sunil Perera says:

    හිතට ඇති එකම සැනසීම තමයි, මරණෙන් පස්සේ රාජපක්ෂ සනුහරේට ආයේ කල්ප ගානකට මනුෂ්‍ය ආත්මයක්නම් ලැබෙන එකක් නෑ කියලා හිතෙන එක.. ඒ තරම් පව්කාර වැඩ කරන්නෙ…

  3. මෝ says:

    රාජපක්ශ පරම්පරාවටම අමා මහ නිවන් සැපම ලැබෙන්න ඕනෙ.එතකොට ලෝකෙ කිසිම රටක ආයෙ ඉපදිලා හොරාකන්න බෑ.නිවන් නොදැක්කොත් ආයෙ ආයෙ අපායෙ ඉපවුනත් ඕකුන් හොරා කනවා.

Leave a Comment