නැවතත් ඇමති කෙනෙක් වෙන්න මං සූදානම්..- දිගම්බරම්
December 10, 2019 at 10:40 am | lanka C news
ඉදිරි මහ මැතිවරණයෙන් පසු තමන් යළිත් ඇමතිවරයෙක් වී තම ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම් මහතා සඳහන් කරයි.
හැටන් නගරයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
නුවරඑළිය දිස්ත්‍රික්කය පසුගිය ජනාධිපතිවරණයේදී ජය ගත්තද තමන් අද වන විට මන්ත්‍රිවරයෙක් බවද පරාජය වූ අය ඇමතිවරුන් වී සිටින බවද ඔහු පැවසීය.
එන මහ මැතිවරණයේදී දෙමළ ප්රගතිශීලී පෙරමුණ ජයග්‍රහණය කරන බවත් ඕනෑම පාර්ශවයකට ආණ්ඩුව පිහිටුවීම සඳහා තම සහයෝගය අවශ්‍ය වනු ඇති බවත් පැවසූ ඔහු එතනදී තම කොන්දේසිවලට එකඟතාවය දෙන කණ්ඩායමට සහයෝගය දෙන බව සඳහන් කළේය.
ස්ථිර වශයෙන්ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව තමන් නැවතත් ඇමතිවරයෙක් වන බව කියා සිටියේය.
ආ එහෙමද ආස.
Thawa natapan paraya
Condesi behe………..තම සහයෝගය කොන්දේසිවලට එකඟතාවය දෙන කණ්ඩායමට.
Go to the UNP. No conditions with SLPP.
නොදකින් මුන් වගේ මලපෙරේතයො. අහිංසක දෙමළ මිනිස්සු රවට්ටල කාගෙහරි ඇටේ මිරිකල ලගින්න හදන එකෙක්
Amathi wenna kalin wage Bangkok Raguge petti ussapan digo!