නැවතත් ඉන්ධන අර්බුදයක්..- තෙල් ඇමති අනතුරු අගවයි..
November 13, 2017 at 12:40 pm | lanka C news
ඉන්ධන නෞකා දෙක තුනක් ප්‍රමාද වුවහොත් නැවතත් රට තුල ඉන්ධන අර්බුදයක් ඇති විය හැකි යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග සදහන් කරයි.
පසුගියදා ඇති වූ තෙල් අර්බුදය නිසාවෙන් හොද පාඩමක් ඉගෙන ගත් බවත් ඒ මහතා සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි.
කෙසේ හෝ මෙරට තවත් තෙල් පිරිපහදුවක් සාදා ගත යුතු යයිද පැවසූ ඔහු කිසිසේතම තෙල් මිල ඉහළ දැමීමක් සිදු නොකරන බවද සදහන් කලේය.