නැවතත් තෙල් සේවක වැඩ වර්ජනයක්..

December 14, 2017 at 6:48 pm | lanka C news
නැවතත් තෙල් සේවක වැඩ වර්ජනයක්..

ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව හා තවත් වෘත්තීය සමිත් කිහිපයක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

ඉන්දීය තෙල් සමාගමට ත‍්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ලබා දීම සදහා ආණ්ඩුව නැවත්ත සූදානම් වෙමින් සිටින බවත් ඊට විරුද්දව මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවත් එම සංගමයේ කැදවුම්කරු ඞී.ජේ. රාජකරුණා මහතා සදහන් කරයි.

මෙම හේතුවම මූලික කරගෙන ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වසරේම මීට පෙරද වැඩ වර්ජනයක් පවත්වනු ලැබීය.

එහිදී රට පුරා තෙල් සැපයීම අඩාල වූ අතර පසුව රජය විසින් තෙල් සැපයීම අත්‍යවශය සේවාවක් බවට ගැසට් කර හමුදාව යොදවා තෙල් බෙදා හරින ලදී.

24 views

5 Comments to “නැවතත් තෙල් සේවක වැඩ වර්ජනයක්..”

  1. ajita de costageneral strike says:

    go for a general srtike

  2. nalin says:

    වැඩක් නෑ…රාජිතගෙ එක වචනයයි..බොලාගෙ වීරකම් රෙද්ද අස්සෙ….

  3. SAD TRUTH says:

    මෙයාලා වැඩ වර්ජනය කරන්නේ වැඩිපුර පඩි ඉල්ලලා නොවේ. එහෙනම් මොකටද මේ මිනිස්සු වැඩ වර්ජනය කරන්නේ?

    උත්තරය මේකයි……………

    ඛනිජ තෙල් වියාපාරය ගැන අපි කාටත් වඩා දන්නේ ඒක කරන මිනිස්සු. ඔවුන් අපේම රටේ ජනතාවක්.
    ජනතා චන්දයෙන් පත්වුණ දේශපාලුවන් පවුද්ගලික වාසි ප්‍රයෝජන ගැන සිතා මේ වියාපාරය රටට පාඩු වෙන ලෙස ඉන්දියාවට පවරන එක කාටත් කලින් දකින්නේ ඛණිජ තෙල් සංස්ථාවේ වැඩ කරන අපේම ජනතාවයි.
    ඉතින් අපේ රටේ අනාගත සුභ සිද්ධිය ගැන හිතා ඔවුන් මේ ජාතික අපරාධයට විරුද්ධ වෙනවා. අපි ඔවුන්ට සවියක් විය යුතුයි. රටවල් වහල් භාවයෙන් මිදුනේ මෙවන් ජනතා විප්ලව වලින්. නැත්නම් මෙලහකට අපි සැමෝම සුළුතර ධනපතියන් යටතේ ජිවත් වන වහලුන්.

  4. unmaadaa says:

    Even now poor majority is controlled by rich minority

Main News