නැවතත් සංචරණ සීමා…?
March 17, 2021 at 8:40 am | lanka C news
ඉදිරි සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අවශ්‍ය වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගිය බවත් ඉන් පෙනී යන්නේ එවන් කාලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළි නොපදින බව යැයිද ඔහු පැවසීය.
2020ට පෙර සිටි ආකාරයට උත්සව සැමරීමට ගිය නැවතත් වෙනසක් ඇති වීමේ හැකියාවක් පවතින බවද හමුදාපතිවරයා පැවසීය.
කොළඹදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.
ඇත්තටම සංචරණ සීමා පැනවුවොත් හොදයි. මොකද ගම් රටවල් බලා ගහිල්ලා අවුරුදු සමරන්න මිනිස්සුන්ගේ අතේ සල්ලි බාගේ නෑනේ. සංචරණ සීමා පැනවුවොත් නිවසට වී සිටින නිසා shape එකේ අවුරුදු දවස් ටික ගෙවලා දාන්න පුලුවන්. සතියක්වත් මෙම සංචරණ සීමා පනවා තබන්න. පිං සිද්ධ වෙයි. කොරෝනා බෝ වුනත් නැතත් එය කරනවා නම් ලොකුම උදව්වක්