නැවත පදිංචිවූවන්ගේ මුල්ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පාගමනක්….

August 30, 2019 at 2:06 am | lanka C news
නැවත පදිංචිවූවන්ගේ මුල්ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා පාගමනක්….

යුද්දයෙන් පසුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නැවත පදිංචි වූ වැසියන්ගේ මුල් ඉඩම් ඉඩම් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කිලිනොච්චි  දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය කාර්යාලය දක්වා  විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබූණි.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කොට තිබූ අතර කිලිනොච්චිය පුල්ලායර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පාගමන කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන්කරනු ලැබීය.

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශය ලේක්ම් කොට්ඨාශයට අයත් නිදහස් නොකරන ලද ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින හෙයින් එම ඉඩම් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වීම මෙම පා ගමනේ ප්‍රධාන අරමුණ විය.

විරෝධතාවය අවසානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙතට සන්දේශයක් භාරදී තම ගැටලුව වෙනුවෙන් ඉක්මන් විසඳුම් ඉල්ලා සිටි අතර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල ගැටලුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවට කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,222 Viewers
Main News