නැවත පදිංචි වැසියන් නිවාස අධාර ඉල්ලා විරෝධතා…

June 12, 2019 at 2:05 am | lanka C news
නැවත පදිංචි වැසියන් නිවාස අධාර ඉල්ලා විරෝධතා…

නැවත පදිංචි වූවන් වෙනුවෙන් රජයේ නව නිවාස වැඩසටහන යටතේ වව්නියාව ගණේෂපුරම් හා සමයපුරම් ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් රජයේ නිවාස අධාර වැඩසටහනට එම වැසියන්ගේ නම් ඇතුලත් නොවී ඇති ව පවසමින් විරෝධතාවක් වව්නියාවේ පිහිටි නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලය ඉදිරිපිටදී පැවත්වුණි.

ගනේෂපුරම්හි පදිංචි පවුල් 15කට හා සමයපුරම් නාවලර් වීදියේ පදිංචි පවුල් 25 ක් වෙනුවෙන් එම පවුල් නව නිවාස ආධාර වැඩසටහනේ නාම ලැයිස්තුවට ඇතුලත් කරගන්නා ලෙසට ඉල්ලමින් විරෝධතාවයේ නිරත වූහ.

කෙසේ වෙතත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කලද ඉන් සෑහීමකට පත් නොවූ විරෝධතා කරුවන් නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලය ඉදිරිපට හිඳ ගනිමින් විසඳුම් ඉල්ලීය.

අනතුරුව එම ස්ථානයට ශ්‍රීලංකා නිදහස්පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ඇතුල් පිරිසක් පැමිණ නිවාස සංවර්ධන අධිකාරියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව පැවසීමෙන් පසුව විරෝධතා කරුවන් විසිර ගියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

517 Viewers
Main News