නැවත වර්ජන කළහොත් පෞද්ගලික බස් ජන සතු කරයි… 25000 දඩය එලෙසම ක‍්‍රියාත්මකයි..

December 12, 2016 at 8:40 am | lanka C news
නැවත වර්ජන කළහොත් පෞද්ගලික බස් ජන සතු කරයි… 25000 දඩය එලෙසම ක‍්‍රියාත්මකයි..

“රුපියල් 25,000 දඩ මුදල ඉවත් කරන ලෙස ඉල්ලා බස් රථ සේවකයින් යළි වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කර තිඛෙනවා. මම කියන්නේ යළි වැඩ වර්ජනයක් ආරම්භ කළ හොත් දින 03 කට පසු බස් රථ බලපත්‍ර අහෝසි කර නව බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට නිකුත් කළ යුතු බවයි. නැතිනම් සියළුම පෞද්ගලික බස් රථ රජයට පවරා ගත යුතුයි” සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ “ස්ව ශක්ති මාතා” වැඩසටහන පසුගියදා ෙබිරුවල පයාගල ක්‍රීඩාංගණයේ දී පැවැති අතර, එම උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“මහා මාර්ගය තුල වැරදි කරන රියදුරන්ට එරෙහිව අයවැය යෝජනා මගින් පැන වූ රුපියල් 25,000 ක දඩ මදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. ජනප්‍රිය සටන් පාඨ වලට මුවා වී මම කටයුතු කරන්නේ නැහැ. මත්පැන් පානය කර, රියදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කර සිදුවන අනතුරුවලින් මියයන ජීවිත වල වටිනාකම රුපියල් 25,000 ට වඩා වටිනවා. එම නිසයි මෙම දඩ මුදල අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කරන්නේ. රටක විනයක් නැතිනම් වැඩක් නැහැ. විනයක් ක්‍රීයාත්මක කළ යුතුයි. කැබිනට් මණඩලයේ දී ද මම රුපියල් 25,000 දඩ මුදල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මම ප්‍රකාශ කළා. මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නීති රීති ගෙන ආ යුතුයි.

ජාත්‍යන්තර දුෂණ වීරෝධී දිනය පසුගියදා යෙදී තිබුනා. රාජපක්ෂ පවුල සිදු කළ දුෂණ වංචා පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදු වෙනවා. ධනවතුන් නොමැතිව සාමාන්‍ය ජනතාව තමයි නව රජය බිහි කළේ. එම නිසා ධනවතුන්ගේ බලපෑම් නොමැතිව මෙම රජය ඉදිරියට ගෙනයන්න පුළුවන් සරළ මිනිසෙක් ජනපති ධූරයට පත්ව සිටිනවා. රට වෙනස් කිරීමට යහපාලන රජය කටයුතු කරනවා. මෙහිදී යහපාලන රජය ලෝකය තුල පිළිගැනීමකට ලක්ව තිඛෙනවා. හාල් කිලෝව අඩු ද, වැඩි ද, ගැන සොයා නොබලා දුෂණයෙන්, භීෂණයෙන් තොර නිර්මාණය කළ රට දෙස බලන්න. දුෂණය නැති කිරීමට විවිධ ක්‍රීයාමාර්ග ගනු ලබනවා. අපේ රජය තුලත් යහපාලන නොතේරෙන අය ඉන්නවා. නමුත් අපි යහපාලනය ඇති කරන තුරු අඛණ්ඩව කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මල් පොහොට්ටුව පිපෙන්නේ නැති බව මම මිීට පෙර ප්‍රකාශ කළා. එහි සිටින දුෂිතයින්ට පොහොට්ටුව බදාගෙනම තම දේශපාන ගමන ඉදිරියේ දී අවසන් කරන්න පුළුවන්.”

– නිපුන් ඒකනායක

34 views
Main News