නැවත සන්නද්ද කැරැල්ලක් ගැසීමට පෙරටුගාමීන් සූදානම්..

June 30, 2017 at 11:20 am | lanka C news
නැවත සන්නද්ද කැරැල්ලක් ගැසීමට පෙරටුගාමීන් සූදානම්..

වෛද්‍ය කර්මය සදහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවෙි උපාධිධාරීන්, අතුරු වෛද්‍ය ඩිප්ලෝමාධාරීන්, පරිපුරක සහ අතුරු වෛද්‍ය අභ්‍යාසලාභීන් 995 ක් පුහුණුවට බඳවා ගැනීමෙි පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සහ පුහුණුව අවසන් කළ එවැනි නිලධාරින් 293 කට පත්වීම ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදූ කෙරිනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පැන පහරදීම පිළිබදව වෘත්තිය සමිති විරෝධය පළ කලා. එම වෘත්තීය සමිති වල ගැටලු සාකචිඡා මාර්ගයෙන් විසදා තිබෙනවා. ධනපති ක්‍රමය මත තමයි මුදල් වැය කරන්න පෙර ලෝකයේ සිදූ වී තිබුනේ. වැඩවසම් ක්‍රමයේ දී වහලුන් ලෙස ජනතාව කටයුතු කළා. ප්‍රංශ විප්ලවයෙන් පසුව සෞඛ්‍ය, අධ්‍යාපනය නිදහස් ව කටයුතු කිරීමෙි වැඩපිළිවෙල ආරම්භ කෙරුනා. එම මතවාදය ශ්‍රී ලංකාවට ගෙනඑනු ලැබුවෙි වාමාංශික ව්‍යාපාරය විසින්. නිදහස් අධ්‍යාපනයේ පියා නොමිලේ අධ්‍යාපනය ලබාදීමෙි වැඩපිළිවෙල ආරම්භ කළා. බෞද්ධ පාසල් නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදූ කිරීමෙි වැඩපිළීවෙලට අනුගත වුනා. මධ්‍ය මහා විද්‍යාලවල නොමිලේ අධ්‍යාපනය ලබාදූන්නා. නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය ලබාදීමට නිදහස තිබිය යුතුයි. බැරිනම් මුදල්වලට ලබාදිය යුතුයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ ලබාදෙන අධ්‍යාපනය අහෝසි කර අනෙකුත් මිනිසුන්ගේ දොරවල් වසා දමන එක නොවෙයි. විවිධ පිරිස් පැමිණ වාචාලකම් දොඩවයි. ඔවුන්ට පෙර මම දස් කපිටාල් එක කියවා තිබෙනවා. වර්තමානයේ කෑගහන පිරිස් එය හරියට කියවා නැහැ. ඔවුන් ඉන්නේ 19 වන ශතවර්ෂයේ යි. මාක්ස් මහා ප්‍රාඥයෙක්. ඔහු අද හිටියා නම් වෙනස් වෙලා. මහාප්‍රාඥයින් එකතැන පල් වන්නේ නැහැ. ලෝක වෙනස්වීම් හදූනාගෙන ඉදිරියට යනවා. ඊයේ කළ ප්‍රකාශ ගැන කියවමින් සිටින ප්‍රාඥයින් නොවෙයි. හෙට දවස වෙනුවෙන් ජිවත් විය යුතුයි. කොමියුනිස්ට්වාදය පරාද වුනා. 1977 වසරේ දී අපේ රටේ වම බින්දූවට බැස්සා. ඒ කාලයේ මම රැස්වීම් 177 ක කථා කරලා තිබුනා. නමුත් වම ගොඩගන්න බැරි වුනා. ලෝකය දිනපතාම වෙනස් වෙනවා. එය නොදැකීමෙන් රට ජාතිය විනාශ වෙනවා. අපේ රටට වෙලා තිබෙන්නේ එයයි. රණවිරුවන් කළ දේවල් කියව කියවා ඉන්නවා. එය අදට ඔබින විදිහට භාවිත කරන්නේ නැතිව කියව කියවා ඉදිරියට යන්න හදනවා. එය අමාරු කර්තව්‍යයක්.”

“චීනය, වියට්නාමය වැනි රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල තිබෙනවා. අපි දූපත් රාජ්‍යයක්. මෙිවා නොදැක ඉදිරියට යන්න හදනවා. දූපත් මානසිකත්වය හෙවත් ලිංමැඩි මානසිකත්වයෙන් තමයි අපි කටයුතු කරන්නේ. අපේ සමහරු බුද්ධිමතුන් ද එහෙමයි. වෙනම සුවිශේෂි සාරධර්ම, න්‍යාය ධර්ම ඔවුන් සොයනවා. ගෝලීයකරණයට විරුද්ධ අයත් ඉන්නවා. වෛද්‍ය අධ්‍යාපනයත් පවතින අධ්‍යාපනයේ කොටසක්. මාළඹෙී තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කර තිබුනා නව වෛද්‍ය පීඨයක් ස්ථාපිත කරන්න. සභාවෙි සිටි වෛද්‍යවරයෙකු කුලපතිවරයාට ප්‍රකාශ කර තිබුනා “එහෙම අනුමත කරන්න බැහැ. ඉංජිනේරුවන් හදනවා වගේ වෛද්‍යවරු හදන්න බැහැ කියලා.” එවිට කුලපතිවරයා සදහන් කළා “වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරිම වැරදූනහොත් මැරෙන්නේ එක ලෙඩයි. නමුත් ඉංජිනේරුවෙකුට ගොඩනැගිල්ලක් සෑදිමෙි දී වැරදූනොත් දස දහස් ගණනින් මියයන බව.” වෛද්‍ය වෘත්තීයේ අය හිතනවා ඔවුන්ගේ වෘත්තීය තමයි හොදම වෘත්තීය කියලා. අනෙක් වෘත්තීන්වලටත් ගරු කළ යුතුයි.”

“සරසවි සිසුන් පෙරටුගාමි පක්ෂයේ උසිගැන්වීම් මත පෙළපාලි යනවා. රට තුල නැවැත කැරළි ගැසීමටයි හදන්නේ. අන්තවාදී පිරිසක්. සන්නද්ධ විප්ලවයක් එනතුරු දේශපාලනය කරන පිරිසක්. ඔවුන් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එකතු වෙලා සිටිනවා. ඒ වෙනත් දේශපාලන පරමාර්ථ වලින්. මොන පරමාර්ථ වලින් ගියත් ලෝකයේ සිදූවන වෙනස්කම් තවදූරටත් සිදූ වෙනවා. ජාන වෛද්‍ය විද්‍යාව ඇමරිකාව තුල ඉතාම ප්‍රචලිතයි. ශ්‍රී ලංකාව තුල එය ක්‍රියාත්මක කිරීම සදහා බලනවිට ඒ සදහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් 07 ක් ඉන්නවා. ඔවුන් ඉන්නේ රෝහල්වල බාහිර රෝගී අංශයේ යි. නූතන වෛද්‍ය ක්‍රමය හදාරා පැරණි වෛද්‍ය ක්‍රමයට අනුව පැරසිටමෝල් පෙති ලිය ලියා ඔවුන් ඉන්නවා. මම එම වෛද්‍යවරුන් එකතු කරලා ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීමෙි ඒකකයක් ස්ථාපිත කරනවා. ඒ සදහා වූ සාකචිඡාවක් ලබන අගහරුවාදා පැවැත්වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

36 views

3 Comments to “නැවත සන්නද්ද කැරැල්ලක් ගැසීමට පෙරටුගාමීන් සූදානම්..”

  1. Wijebahu says:

    Owu, parana tyre wisikaranna epa, honda illumak thiyey.

  2. Dushantha says:

    කනවනන් හරියට කන්ඩ හූ ඈම් පී ආන්ඩුවක්ම එන්ඩ ඕනෑ. ඒකනෙ රතු අලි පෑටව් ටික අමාරුවෙන් කඩේ ගිහින් මේක හදා ගත්තෙ.

  3. Lolla says:

    You can active Praa regiment again

Main News