‘නැවු ගිල්ල මගෙ මිනිහා.. නැවු බෑණා..’ ගැන ජනාධිපති බෑණා තිලිණ සුරංජිත් කියයි..
October 4, 2017 at 10:02 am | lanka C news
කල් ඉකුත් වූ රුසියානු යුද නැවක් විශාල මුදලක් ගෙවා මිලට ගැනීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට යන්නේ යයි මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස චෝදනාවට ලක්ව සිටින තිලිණ සුරන්ජිත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බෑණනුවන් විසින් එම චෝදනා සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පල කර ඇත.
ඔහුට එල්ල වන චෝදනා සදහන් පින්තූර කිහිපයක්ද ඊට එක් කර තිබේ.
— තියුණු වන්නේ තලන්නා නොව තැලෙන්නාය —
දේශපාලනය යනු තම ප්‍රථිපත්ති මත පිහිටා සිදුකරනා ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියකි. දේශපාලනයේ තවත් පැතිකඩක් වනුයේ මඩ දේශපාලන විවේචනයයි.
එය පිළිලයක් වශයෙන් පැතිරී ඇති අතර. අද බොහෝ සෙයින් දක්නට ඇත්තේද ප්‍රථිපත්ති මත සිදුකරනා ක්‍රියාවලියක් නොව පුද්ගලික ජීවිතය හා පවුල් පසුබිමට එල්ල කරනා අසාර්ථක දේශපාලන ක්රමවේදයකි.විවිධ ඡායාරූප සංස්කරණය කොට පවුල් පසුබිමට එල්ල කරනා ප්‍රහාරය තුල ඔවුන්ගේ දේශපාලන අරමුණ ඉටුවේදැයි නොදනිමි. නමුත්, එතුල දක්නට ඇත්තේ නියම දේශපාලන පරාසය නොව, හුදෙක් මඩ ප්‍රහාරයකින් අනිකාට දමා ගසනා සංස්කෘතියකි.
මෙය රටක දේශපාලන ව්‍යුහයට කෙතරම් බලපාවිදැයි සිතනා කල ඇතිවන්නේ සංවේගයකි.
අතීතයේ දේශපාලනය තුල මඩ සංස්කෘතිය නොතිබුනා නොවේ. නමුදු එහි යම් සීමාසහිත බවක් දක්නට ලැබුනි.
සුපිරිසිදු වූ දේශපාලනය තුල කිසිවෙකු හෝ හට පුද්ගලික ජීවිතය අරභයා සිදු කරනා පහත් මඩ ප්රහාරයන් සුදුසු නොවන්නේය. ගැටෙනවා නම් ගැටිය යුත්තේ ප්‍රථිපත්ති මත බව තරයේ විශ්වාස කරමි.” මේ සෑම විවේචනයක් හරහාම ශක්තිමත් වනවා හැර වෙනයම් දෙයක් නොමැත “
– Thilina Suranjith FB
Now your mouth is LITTLE BIG.
oya නව ගිලා බබින්නේ මගේ මායම් පුර වාරයේ. ගානක් නෑ නෙ මැණිකේ.