නැව ගිනිගැනීමෙන් බලපෑමට ලක්වූ මුහුදු තීරය ධීවර කටයුතු සඳහා විවෘත කරන්නැයි අගමැතිගෙන් උපදෙස්..

June 12, 2021 at 5:30 pm | lanka C news
නැව ගිනිගැනීමෙන් බලපෑමට ලක්වූ මුහුදු තීරය ධීවර කටයුතු සඳහා විවෘත කරන්නැයි අගමැතිගෙන් උපදෙස්..

අනතුරටපත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මේ දක්වා ධීවර කටයුතුවල යෙදීමට නොහැකිව සිටින මීගමුව සිට පානදුර දක්වා මුහුදු තීරයේ ධීවරයන්ට එම මුහුදු කලාපය නිසි අධ්‍යනයකින් අනතුරුව කඩිනමින් වීවෘත කර දෙන ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

පරිසර,ධීවර,ආර්ථික ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය පිළිබඳව පූර්ණ වශයෙන් තක්සේරු කිරීමත් අදාළ නෞකා සමාගමෙන් හානි පූර්ණ වන්දි ලබා ගැනීම සහ නෞකාව එම ස්ථානයෙන් ඉවත්කරවා ගැනීමටත් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.

අදාළ නීතිමය කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟාමීව අඩු ආදායම් ලාභීන් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාව නෞකාව හේතුවෙන් අගතියටපත් ධීවර ප්‍රජාව සඳහා ද ලබන සදුදා සිට ලබා දෙන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.

10,367 views

18 Comments to “නැව ගිනිගැනීමෙන් බලපෑමට ලක්වූ මුහුදු තීරය ධීවර කටයුතු සඳහා විවෘත කරන්නැයි අගමැතිගෙන් උපදෙස්..”

  1. KD says:

    නෙගම්බෝ සිට ගාල්ල දක්වා මසුන් ආහාරයට ගැනීම ආරක්ෂිත බව විද්‍යාත්මකව ඔප්පු කර නොමැත. දෛනික ජල කයිලිටි පරීක්ෂණ ප්‍රති .ල ප්‍රසිද්ධියේ නිකුත් කරන්න. විෂ සහිත අපවිත්‍ර ද්‍රව්‍යයන් දැකීමට අපට අවශ්‍යය.