නෑ කියන්න බෑ.. 20 අප්පොච්චා මෙන්න..

September 13, 2020 at 10:00 pm | lanka C news
නෑ කියන්න බෑ.. 20 අප්පොච්චා මෙන්න..

විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ ආණ්ඩුව විසින් සාමූහිකව බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ව්‍යවස්ථාවක් තනි පුද්ගලයෙකු විසින් සකස් කළේ යැයි නමක් සඳහන් කිරීම සුදුසු නැති බවත් මෙරට කිසිම ව්‍යවස්ථාවක් තනි පුද්ගලයෙකු හැදූ බවක් තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.

කිසිම රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තනි පුද්ගලයකු නොහැදු බවත් එය සාමූහික ක්‍රියාවලියක් බවත් ඒ මහතා සඳහන් කරයි.

එය තනි පුද්ගලයෙකුට කළ නොහැකි වන බවත් තනි පුද්ගලයෙක් විසින් කළ යුතු වැඩකුත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අද පවතින ව්‍යවස්ථාව ද ජේ.ආර්. ජයවර්ධන මහතා තනියම හැදු දෙයක් නොවන බවද පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වරමක් දී තිබිය දී ඇති විට කිසි ප්‍රහේලිකාවක් නැතැයි ද කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් ඔහු මේ බව පැවසීය.

71,385 views

15 Comments to “නෑ කියන්න බෑ.. 20 අප්පොච්චා මෙන්න..”

  1. Kevin says:

    List eken api ekek 19 hadala rata anuwa. Mekat ekama karaiwage. Dinala apu minissu ekka owa karanna ona..

Main News