ලකුණකට 57000ක් ගෙවුවා.. නිකං පඩි ගෙවන්න බෑ.. ගහන විදිහටයි පඩි.. ක්‍රිකටර්ස්ලාට ගෙවන පඩි දන්නවානම් මිනිස්සු ගල් ගහයි..
October 12, 2016 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල් ගැසීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
එබැවින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දක්ෂතා අනුව මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය තමන් අනුමත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 57,000ක් ගෙවලා තියෙනවා,” ඇමතිවරයා සඳහන් කළේය.
“තව කෙනෙක් ඉන්නවා රුපියල් මිලියන 73ක් උපයලා. ඔහුගේ ලකුණකට රුපියල් 26,000 ක් ගෙවනවා.” ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ට ගෙවන මුදල් ප්‍රමාණය අඩු කර, ලබාගන්නා ලකුණු සහ කඩුලු ප්‍රමාණය අනුව ඔවුන්ට ගෙවීම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කරයි.
නව යෝජනාව අනුව ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවන්නේ නම් ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවයි අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.
“සමහර ක්‍රීඩකයෝ ඉන්නවා ලකුණු ගහන්නෙත් නැහැ. හැබැයි හැමදාම මිලියන 50ක් 75ක් ගන්නවා. ක්‍රීඩකයෝ දැනගන්න ඕන දක්ෂතාවලට යන්න. නැත්නම් ඒගොල්ලොත් මේක ගණන් ගන්නේ නැහැ. ගැහුවත් නැතත් ගාන හම්බවෙනවා.”
ජාතික කණ්ඩායමට අමතරව කොන්ත්‍රාත් ලබාදීමට තෝරාගෙන තිබෙන ක්‍රීඩකයන් පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් ඔහු පැවසීය.
“ක්‍රිකට් පාලක මණ්ඩලයේත් ඉන්නේ ක්‍රීඩා සමාජ වල නියෝජිතයන්. ඔවුන් බලනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම් වල ක්‍රීඩකයන් මේකට වැඩියෙන් දාගන්න. මේක අතීතයේත් වුනා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුම මෙහෙයවන්නේ එක් කළමණාකරුවෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔහු සමග ගිවිසුම් අත්සන් කිරීමට එක් නවක ක්‍රීඩකයකු අකමැත්ත පළකිරීම හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බවත් වැඩිදුරටත් පැවසීය.
– BBC
. බුදු අම්මෝ! …………….අායි නම් බල්නනෙ නෑ.
ඔය ගෙවන සල්ලි සතයක්වත් පාලක මන්ඩලේ සභාපති තුමා අස්සොය දුවවල හොයන සල්ලිවත් ඇමති තුමාගේ අම්ම අප්පගෙන් ලබිච්ච මුදල් වත් නෙවෙයි. ඔය ක්‍රීඩකයොන්ට ගෙවන්නෙ කන්ඩායමක් හැටියට ඒ ගොල්ලො දක්වන දක්ශතා මත කන්ඩායමක් විදිහට උපයන මුදලින්. ඉතින් ඔය කියන අවුරුද්ද තුල ලකුනු 1000 ඉක්මවපු ක්‍රීඩකයො කවුරුත් ඔය අඩුවෙන් ලකුනු රස් කරන ක්‍රීඩකයින්ට වැඩියෙන් මුදල් දෙනව කියල නාහෙන් අඬල නැහැ.
නමුත් මෙතුමා ඔය හැම තරඟාවලියක්ම බලන්ඩ යන්නේ, ලෝකේ ලොකු ලොකු නගරවල තරු 5 හෝටල්වල ආතල් ගන්නේ, එක්කො මහජන මුදල් වලින් නැතනම් ක්‍රීඩකයින් උපයන මුදලින් උන්ට කොටසක් ගෙවීමෙන් පසුව පාලක මන්ඩලෙ ඉතුරු කර ගන්න මුදලින්
හරි හරි රටේ මුදල් ශතයක්වත් වියදම් වෙන් නෑ නේද ?
Thirimanda
Cricketers lage salli untama dipalla million 100 – 200k unath awa unta aithi dewal rajaye salli neweine…
ඒවුනාට අපේ මැති ඇමතිවරු ” පෑනෙන්” තත්පරයකින් අත්සනක් ගහල කිසිම වැඩක් නොකරම ඔයිට වඩා පඩි ගන්නේ…!
සේවකයාගෙන් “”සෑර්”” කියන එක අහගන්න මහජන මුදලින් අත්සනකට 50,000ක් ගෙවනවා..
වැඩක් නොකර නිකං පඩි ගන්න ඩිජිටල්ලා ඉන්නේ ” ETCA ” බිල්ලට දෙන්න යන රටේ විතරයි !! …එහෙමනම් රටට වැඩ කරන විදිහටයි නේද පඩි ගෙවන්න ඕනි ?
බලන්න එස්බී…! ෆීල්ඩ් මාෂල්ල ගන්න පඩිය ???? මෙතෙක් කියල චන්ද 2000 ක් අරගෙන මැති පුටුවෙ ඉඳගෙන රටට කියල යම් දෙයක් කරල තියෙනවද??
දීපංකො උත්තර හරමානිස්..!