නිති දුම්වැටි හැත්තෑ දහසක් හා ප්රවාහනය කල වෑන්රථය රාජ සන්තකයි
January 26, 2017 at 2:01 am | lanka C news
ඩුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ තිස්පහක් (රු.35,00000/=) වටිනා දුම්වැටි තොගයක් සන්තකයේ තබාගැනීම සහ ප්රවාහනය කල මාවනැල්ල අරනායක ප්රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව දඹුල්ල පොලිසිය මගින් පවරා තිබු නඩුවක් දඹුල්ල දිසා අධිකරණයේදි විභාගයට ගන්නා ලදි.
මෙහිදි පැමිණිල්ල ඉදිරිපත්කරමින් දඹුල්ල පොලීසිය කියා සිටියේ ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද දුම්වැටි 70000 ක් අඩංගු කාටූන් 350 ක ප්රමාණයක් විදේෂ් සිට පෞද්ගලික භාණ්ඩ ගෙනඑන ආයතනයක් මගින් ගෙන්වා වෑන් රථයකින් ගෙනයමින් සිටියදි පසුගිය සිකුරාදා (13) ලැබුන තොරතුරක් මත දඹුල්ල පන්නම්පිටිය අතෑබැදිවැව පෙදෙසේදි අත්අඩංගුවටගත් බවයි.
අදිකරනයේදි සැකකාර විත්තිකරුවන් චෝදනාවන්ට වරද පිලිගත් බැවින් දඹුල්ල දිසා විනිසුරු සහ මහේස්ත්රාත් බංඩාර කුලතුංග මහේස්ත්රාත්වරයා විසින් එක් අයෙකුට රුපියල් පන්ලක්ෂය (රු.5.00000/=) බැගින් රුපියල් දසලක්ෂයක (රු.10,00000/=)දඩයක් නියමකර එම දඩය නොගෙවන්නේ නම් මාස හය බැගින් සිරදඩුවම් නියම කලේය. එයට අමතරව දුම්වැටි තොගය සහ වෑන්රථයද රාජසන්තක කරණ ලෙස නියම කලේය.
– මහින්ද දඹුල්ල
Now the question is how the hell did they managed to get it through the customs ? So obviously there’s more to the story. We need to capture the rogue customs officers and the kingpins behind the business. Well, unfortunately that will never happen as we all know.