නිදන කාමරයේ ඇදක් යට බංකරයක් සාදා කසිප්පු ස්කාගාරයක්…

April 27, 2020 at 8:02 am | lanka C news
නිදන කාමරයේ ඇදක් යට බංකරයක් සාදා කසිප්පු ස්කාගාරයක්…

මහා පරිමාණයෙන් නිවසක නිදන කාමරයක පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා භූගතව බංකර් සහ සැගවිමට අවශ්‍ය පහසුකම් සහිතව එම ස්කාගාරය පවත්වාගෙන ගිය තිස් හැවිරිදි දෙදෙරු පියෙකු වන සැකකරු සමග එම කටයුතු සිදු කිරිමට යොදා ගත් උපකරණ අත්අඩංගුවට ගැනිමට 26 පෙරවරුවේ හෙම්මාතගම පොලිසිය පැය 5 කට ආසන්න මෙහෙයුමකින් පසුව සමත් විය.

කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ට ලැබුණු තොරතුරකට අනුව හෙම්මාතගම පොලිසිය විසින් මෙම වැටලිම සිදු කර අතර මෙම නිවස පිහිටා ඇත්තේ අඹදෙනිය අරකොටවැල්ල ප‍්‍රදේශයේ කුඩා ඔයට ආසන්නවයි. පොලිසිය විසින් එම ස්කාගාරයේ තිබි වතුර මෝටරයක් සහ ප්ලාස්ටික් බැරල් තුනකට තිබු ගෝඩා මිලිලීටර් හය ලක්ෂ දෙදහස් පන්සියක් පමණ සොයා ගැනිමට ගත් බව පොලිසිය කියයි.

අරණායක සාමසර කන්ද නාය යෑමෙන් පසුව අවතැන් වු ජනතාවට ඉඩම් ලබා දිමේදි රජය විසින් මෙම නාය ගිය කොටසේ අවදානයම් නිවසක විසු මෙම පවුලටද නිවසක් සකස් කර ගැනිමට රජයෙන් ආධාර ලබා දි ඇති අතර එම නිවස සකස් කරද්දි සැකකරු සුක්ෂම ලෙස මෙම භූගත කසිප්පු ස්කාගාරයද සැලසුම් සහගතව සකස් කර තිබුණි. එම නිදන කාමරයේ නිදන ඇදක් එම ස්ථානායේ සැකනොසිතෙන ලෙස තබා තිබු අතර සිමෙන්ති පොලවේ බැරල් තුන සම්බන්ධ වෙන ලෙසින් බට යොදා එක ස්ථානයකින් පමණක් මෝටරයක් යොදා එම ගෝඩා සහ කසිප්පු ලබා ගැනිම සිදු කර ඇත. කසිප්පු සහ ගෝඩා සුගඳ වහනය වන නිසා කරාබු නැටි ඊට උඩින් යොදා එම ස්ථානාය වැසෙන ලෙස සකස් කර තිබු අයුරුද එහි ගිය මාධ්‍යවේදින්ටද දැක ගත හැකි විය.

පෙරිමට සහ සැගවිමට රහසිගත බංකරයක් ඇතුලත සකස් කර තිබු අතර නිවසේ එළිමහන් කාමරයේ මාළු ටැංකියක් සකස් කර භූගත බංකරයක් සකස් කර තිබුණි. කිසිදු රැුකියාවක් නොකරන මෙම පුද්ගලයා ත‍්‍රීවිල් රථයක් සහ යතුරු පැදි දෙකක් තබා ගෙන මෙම කසිප්පු ප‍්‍රවාහනය කර ඇති අතර ත‍්‍රීවිල් රථයේ කසිප්පු රැුගෙන යාමට එහිදි සැක නොසිතෙන ලෙස රහසිගත ත‍්‍රීවිල් රථයේ සකස් කර කොටසක් පොලිසියට දැක ගැනිමට හැකි විය.

නිවසේ සතර වට බුදුන් වැදිමට ස්ථාන යොදා කිසිවෙකුටත් සැක නොසිතෙන්නට මෙම කටයුතු රහසිගතව සිදු කර ඇති අතර සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර භාණ්ඩ සියල්ලද අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුයේ සැකකරු හෙට දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

වැටලිම සඳහා හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඇතුලූ නිලධාරින් කණ්ඩායමක් සහභාගි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

253 views

9 Comments to “නිදන කාමරයේ ඇදක් යට බංකරයක් සාදා කසිප්පු ස්කාගාරයක්…”

  1. Loks says:

    Micro litre valin kivvanam thava loku kranna thibba pramanaya

    • අක් බාර් වහලා says:

      සුරාබදු එක හතර වටේ අරක්කු විකුණලා අපෙන් සල්ලි හම්බ කර ගන්න කොට අරක්කු නිතියානුකුලයි, දැන් අපි පෙරාගත්තම නිතිවිරෝදියි. උන්ට ඕන වෙලාවට බොන්නයි අනිත් වෙලාවට බකන් නිලන් බලන් ඉන්නයි අපි කව්රු කියලා හිතුවද ? එක්කෝ බාර් අරින්න ඕන..නැත්නම් සුරා බදු එකෙන් අරක්කු විකුණන එක නවත්තලා කෝඩියල් බෙදන්න ඕන.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ලංකාවේ උදේ පාන්දරින්ම නීතිය කඩන්නේ ආගමික සිද්ධස්ථාන. පීකර් දාගෙන බෙරිහන් දෙනවා. මේ වගේ විපත්ති කාලෙකවත් මිනිස්සුන්ට නිදහසේ ඉන්න නෑ… ඒ ආගමික ශබ්ද දූෂණය කරන තක්කඩියන්ට වඩා පෙරාගෙන බීලා ගෙදර පාඩුවේ ඉන්න මිනිස්සු කොපමණ උතුම්ද ?

  3. kiribatha says:

    Hmm ” නිවසේ සතර වට බුදුන් වැදිමට ස්ථාන යොදා කිසිවෙකුටත් සැක නොසිතෙන්නට මෙම කටයුතු රහසිගතව සිදු කර ඇති අතර..”

    This strategy reminds me pohottuwa politicians. I do not know why.

  4. Saku says:

    කටුනායක හා බියගම කර්මාන්ත පුරවල ලමයි උස්නත්ව බලල වෙන වෙනම බස් දාල ගමෙ ගිහිල්ල ත් දින 14ක් නිවසින් පිට යන්න එපා කියල ගමෙ කට්ටිය ට ඔවුන් ගෙදරින් එලියට එනවද කියල ප්‍රවුර්ති වලට කියල යවපු කට්ටිය කෙලින්ම කොරොනා රොගින් සමග දින ගනන් ගටුනු කදවුරෙ එකට එක ගොඩෙ හිටපු නාවික සෙබළුන් නිකන් ම ගමෙ යවපු නිල දාරියා කවුද අඩුම තරමින් ඔවුන් ට කෙලින්ම නිවසට ගොස් සමාජය අස්රය නොකරන්නයි පවසන්න කිසියම් හො පුද්ගලයන් නෙද්ද

    • පොංගල් මොට්ටුව says:

      ආණ්ඩුවට උඹලව ඕන වෙන්නේ චන්ද ටික ගන්න විතරයි. මේ වෙලාවේ චන්දේ තියාගන්න පාටක් පෙන්නේ නැති නිසා ඔහොම හිටපන්. වැඩේ ඉවර වෙලා ගෙදර ගිහින් වෙලාව ආපූ ගමන් මතක් කරලා ආණ්ඩුවට කල ගුණ සලකපන් තව අවුරුදු 5 කටම.

  5. GU-NP SAJEE PUTHA says:

    GU-NP PAD TEAM eka awahama, APE GU-NP-GU AJITH ekaa ekatuwla KUDU , KASIPPU
    Minissu satutin tiyenawa.

    RATA, RATA GIHIN, satutinda inne kiyala ebila balanawa

    Huuuuu Hukasssssssssssss

  6. Ranil says:

    2/3 gannata nam ikmanata bar arinnna wei nathinan 1/3 thama

Main News