නිදහස් උලෙලේ පෙර පුහණුවේදී පැරිෂුට් භටයෝ පහක් ඇද වැටෙති.. අයෙක් රෝහලේ..

February 3, 2017 at 2:10 pm | lanka C news
නිදහස් උලෙලේ පෙර පුහණුවේදී පැරිෂුට් භටයෝ පහක් ඇද වැටෙති.. අයෙක් රෝහලේ..

හෙට දිනයේ පැවැත්වීමට නියමිත 69 වන නිදහස් දින පෙරහුරුව අද ගාළු මුවදොර පැවතෙද්දී පැරිෂුට් භටයින් පස් දෙනෙකු මුහුදට ඇද වැටී තිබේ.

මෙම සියළු දෙනා නාවුක හමුදාව විසින් බේරාගෙන ඇත.

හෙලිකොප්ටරයෙන් බිමට වැටුනු එක් පැරිෂුට් භටයෙක් රෝහල්ගත කර ඇත.

29 views

23 Comments to “නිදහස් උලෙලේ පෙර පුහණුවේදී පැරිෂුට් භටයෝ පහක් ඇද වැටෙති.. අයෙක් රෝහලේ..”

  1. lion says:

    සිංහලයාගේ නිදහස වෙනුවෙන්

    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

    ”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
    සිතව් පැවති සමගිය එහි පෙර දවස
    නඟව් තව තවත් තිරසර කරුණා ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”

  2. love nature says:

    මහින්ද හිමියන්ගේ පීඩාවට පත්වීසිටි සිංහල බෞද්ධයින් යලි නගා සිටුවීමට ගත් උත්සාහය මෙසේය …

    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  3. lion says:

    ඇහැළේපොළ පුත් කුමරූ
    කඩුවට ගෙළ දුන් අයුරූ
    පුරුදු කළොත් සිහල දරූ
    නිදහස අත්වනු නිබොරූ

  4. sinha le says:

    මොන රටේද ජාතික ගිය බාසා දෙකෙන් තියෙන්නේ සිංහලයිනේ නැගිටපියව්

  5. lion says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය ‘ශ්‍රි ලංකා මාතා’බවත්, එය වෙනස් කල හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින්ය.

  6. lion says:

    ජනාදිපති තරගයේදී උතුරේ දෙමළ ජනතාවට කෝටි ගණන් බඩු බෙදුවත් ඔවුන්ගේ මුහුණේ සිනහවක් තිබුණේ නෑ. ඒත් මම ජනපති වී ඔවුන්ට කිසිවක් නොදුන්නත් දෙමළෙන් ජාතික ගීය ගයපු නිසා ඔවුන් මාව සිනහ වී වට කර ගත්තා. සිරිසේන වැඩිදුරත් පවසයි.

Main News