නිදහස් චතුරස්රයේ මරණය ගැන සැකයක් නෑ..- ඔහුගේ සහෝදරයා අධිකරණයට කියයි..
June 23, 2020 at 5:30 pm | lanka C news
කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිය දිවි නසාගෙන තිබූ තම සහෝදරයා වන රජීව් ජයවීර ගේ මරණය ගැන සැකයක් නැති බව ඔහුගේ සහෝදරයා වන සංජීව ජයවීර සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දෙමිනි.
පසුගිය 12 වනදා උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආසන්නයේදී රජීව ජයවීර වෙඩි වැදීම් සහිතව මිය ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
ඒ සම්බන්ධයෙන් වූ ප්‍රධාන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්විණි.
මිය ගිය පුද්ගලයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකු වන අතර ඔහු ලිපියක්ද දිහා තබා නිදහස් චතුරශ්‍රයට පැමිණ වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබිණි.
රාජපක්සලා කසුන් පලිහක්කාර දාලා එයා බස් වංචාව වහන්න හදනවා. කසුන් සහ ගෑනී දැනට ඇප පිට ඉන්නේ. ප්රන්සයෙන් කියනවා ලංකාවේ ඇත්තන්ට කෝටි ගණන් අල්ලස් ගෙව්වා කියා. රජීව් ජයවෙර මේ සියල්ල දන්නවා. මිනිහා Colombo Telegraph එකට ලිපි 170ක්මේ ලිව්වා. මෙය ලසන්ත වික්‍රමතුංග වැනි ඝාතනයක්.
මිනී පෙන්නලා චන්ද කරන්නේ කවුද කියල රටම දන්නවා.
මෙදා පාර ඇපත් නැති බංකොලොත් පක්ෂ වල චන්ද ව්‍යාපාරය වෙනුවෙන් කල ඝාතනයක් වෙන්න පුළුවන්.
ලසන්තව මැරුවෙ තමුසෙලගෙම වෙල්විදානෙ කියල තමුසෙලම නේ ඉස්සර කෑ ගගහ ගියෙ.