නිදහස් දා නිකසල සංග්‍රාමයෙන් අනුරපුර පින්බිම නිකසළ නගරයක් වෙයි…

February 5, 2019 at 8:02 am | lanka C news
නිදහස් දා නිකසල සංග්‍රාමයෙන් අනුරපුර පින්බිම නිකසළ නගරයක් වෙයි…

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන “නිකසළ රටක් ජාතික වැඩසටහන” යටතේ අනුරාධපුර නගරය පවිත්‍ර කිරීමේ “නිකසළ අනුරාධපුර” වැඩසටහන 2019 පෙබරවාරි 04 දාට යෙදුනු 71වන නිදහස් දිනය දා අනුරාධපුර බස්නැවතුම්පොළ අභියසින් ආරම්භ විය.

ඒ සඳහා සුරකිමු ශ්‍රී ලංකා, අපි මිතුරෝ සමාජ සත්කාර සංවිධානය, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂුන්වහන්සේලා, බාලදක්ෂ ව්‍යාපාරය, නගරයේ වෙළඳ ප්‍රජාව, කලාකරුවන්, පාසැල් ආදිශිෂ්‍ය සංගම්, ශ්‍රී ලංකා පොලිසිය, ගිනි නිවන හමුදාව, හමුදාව, අනුරාධපුර මහ නගර සභාව, ඇතුළු සංවිධාන සහ ආයතන රාශියක සාමාජික සාමාජිකාවන් මෙන්ම මහජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී විය.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂුන්වහන්සේලා 200කට අසන්න පිරිසක් මෙම “නිකසළ අනුරාධපුර” වැඩසටහනට එක්වෙමින් නගරය පිරිසිදු කිරීමේ මෙම මහා ශ්‍රමදානයට දායක වීම කැපී පෙනුණි.

නිකසළ අනුරාධපුර වැඩසටහන යටතේ අනුරාධපුර නගරයේ බස් නැවතුම්පොළ, නව නගරයේ වීදි, කාණු පද්ධති ඇතුළු පොදු ස්ථාන රැසක විසිරි තිබූ කැළි කසල ඉවත් කර පිරිසිදු කරන ලදි. එමෙන්ම දේශීය සංචාරක ආකර්ෂණය දිනූ ප්‍රධාන නගරයක් වන අනුරාධපුර නගරයේ සුන්දරත්වයට සහ පුජනීයත්වයට හානි කරමින් නගරය පුරා අලවා තිබු පෝස්ටර් ද අධිබලැති ජල විදින යන්ත්‍ර යොදා පිරිසිදු කිරීමට ගිනි නිවන හමුදා නිලධාරීන් ඇතුළු සහභාගී වූ පිරිස් කටයුතු කරන ලදි.

එමෙන්ම, මෙම වැඩසටහනින් අනුරාධපුර නගරය පවිත්‍ර කිරීමෙන් පසු ලබන පෙබරවාරි 28 දින සිට ඉදිරියට අනුරාධපුර නගරය අවලස්සන වන පරිදි අනවසර පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට අනුරාධපුර නගරාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

නිකසළ රටක් බිහි කිරීම අරමුණු කරගනිමින් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් ඉදිරියේදී දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙවන් වැඩසටහන් දියත් කිරීමට අදහස් කරන අතර ඔබගේ ප්‍රදේශයේත් “නිකසල රටක් ජාතික වැඩසටහන” දියත් කිරීමට ඔබ කැමති නම් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ ලේකම් පාලිත වික්‍රමරත්න මහතා (0775569828, 0715201380) අමතා ඔවුන් සමඟ සම්බන්ධ විය හැක.

– නිලක්‍ෂ රත්නායක

8,402 Viewers

4 Comments to “නිදහස් දා නිකසල සංග්‍රාමයෙන් අනුරපුර පින්බිම නිකසළ නගරයක් වෙයි…”

  1. sakalabujan says:

    Very good job, need to spread country wide..

  2. SL says:

    Just introduce spot fine for littering, empty bags,plastic bottles shall be either properly disposed by product owner or the consumer .Both parties have the responsibility.lot of majour production chains are just dumpoing tons of plastic bottles and plastic packaging i.e. coke,pepsi,kotmale,smak, keels,Food city,Laufgh a day.We must stop this at any cost.Old days we had so many cleaned places to hang around . be it a lake, water stream or a park,but not now

  3. Love nature says:

    මේ සමගම යාල වනයේ තිබෙන මුස්ලිම් කොලනිය කඩා දමා සතුන්ට එම පළාත බාරදෙන්න ලොකු පිනක්

  4. Suraj says:

    Palitha is a puppet of Champika Ranawaka. This whole project is a part of Champikas election campaign.

Main News