නිදහස් දිනයට උතුරු නැගෙනහිර විරෝධතා..

February 2, 2021 at 5:30 pm | lanka C news
නිදහස් දිනයට උතුරු නැගෙනහිර විරෝධතා..

ජාතික නිදහස් දින වර් ජනය කරමින් යුද සමයේදී සිදු වූ මානව හිමිකම් කඩකිරීම්, අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පෙබරවාරී 03 වනදා සිට 06 වනදා දක්ව නැගෙනහිර සිට උතුර දක්වා දැවන්ත රථ පෙලපාලියක් සංවිධානය කොට ඇත.

යාපනයේ තන්දෙයි සෙල්වා ශ්‍රවනාගාරයේදී පෙලපාලියේ උතුරු පලාතේ සංවිධාන සහ මෙහෙයවීම් කටයුතු සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්වූ අතර ඒ සඳහා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ,ආගමික නායකියින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, විශ්විවද්‍යාල සිසුන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

උතුරු නැගෙනහිර අතුරුදහන් කරවූවන්ගේ ඥාති සංගමය ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් හා දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම රථ පෙලපාලිය සංවිධානය කොට ඇත.

මේ අනුව මෙම රථ පෙලපාලිය 03 වනදා අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පාගමනක් සහ රථ පෙලපාලිය ආරම්භ වන අතර 03 වනදා සවස ත්‍රීකුණාමලය දක්වා ගමන්කොට අවසන් වන අතර පසුව 04 වනදා උදෑසන ත්‍රීකුණා මලයේ සිට වැලිඔය, මුලතිව්, පුදුකඩිඉරිප්පු, නෙඩුන්කේනි, ඔමන්ත, වව්නියාව හරහා එදින සවස වන විට මන්නාරම දක්වා ගමන් කොට අවසන් කෙරේ. පසුව 05 වනදා උදෑසන මන්නාරම සිට මාන්කුලම් හරහා 05 වනදා සවස කිලිනොච්චිය දක්වා ගමන්කොට පෙලපාලිය අවසන් කරයි. අනතුරුව 06 වනදා උදෑසන කිලිනොච්චියෙන් ආරම්භ වන පෙලපාලිය යාපනය නගරයට ගොස් යාපනයේ සිට පේදුරුතුඩව ක්‍රීඩාංගනයෙන් අවසන් කිරීමට සූදානම් කොට ඇත.

එමෙන්ම මෙම විරෝධතා පාගමන සහරථ පෙලපාලිය සංබන්ධීකරණ මෙහෙයවීම් කටයුතු සඳහාද සාමාජිකයින් පත් කොට ඇත.

මේ අනව මෙසේ සංවිධානය වන පාගමනේ සහ රථ පෙලපාලියේ ප්‍රධාන අරමුණු වී ඇත්තේ,

‘ උතුරු නැගෙනහිර යුද්දෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ලබාගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, යුදඅපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කිරීම, උතුරු නැගෙනහිර සිදුවන ඉඩම් කොල්ලය නැවතීම, නීතිවිරෝධී බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කිරීම වැනි මූලික කරුනු වන අතර එවැනි ගැටලු තිබෙන අවස්ථාවක ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට නොහැකි බව පවසා වත්මන් රජයට මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීමය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,277 views

4 Comments to “නිදහස් දිනයට උතුරු නැගෙනහිර විරෝධතා..”

  1. Baba says:

    Mun ekka jewitheta samayen nam inna labenne na mun thamai niyama jathiwadi

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    දෙමල මිනිස්සු යුද්ධ කරේ මොකට?
    – වෙනම රටක් ගන්න.

    වෙනම රටක් මොකටද?
    – දිවුණු වෙන්න

    දිවුණු වෙනවා කියන්නේ මොකටද?
    -ඉන්න තත්වයට සාපේක්ශව ධනපතියෙක් වීම

    ඔන්න ඕකයි තත්වය. ධනපතියෙක් වීමේ සිහිනය බොදවීමේ ඉච්ඡා භන්ගත්වයයි ඔතන තියෙන්නේ.

  3. Try says:

    මේවාට රජය ඉඩනොදියයුතුයි. මෙවැනි අහින්සක යැයි පේන උද්ගොශන මාහා පරිමානෙයේ බෙදුම්වාදි අරගල දක්වා ලොකු වෙනවා. නිය පොත්තෙන් කරන්න තියන දේ පොරොවෙන් කරන්න තියගන්න එපා.

  4. Manikdiwela says:

    Our justice system and the rule of law where not equal to all citizens is the key reason for all this.

Main News