නිදහස් දිනය වෙනුවෙන් උතුර දකුණ යාකෙරෙන පාපැදි සාම චාරිකාවක්…

February 1, 2020 at 2:13 am | lanka C news
නිදහස් දිනය වෙනුවෙන් උතුර දකුණ යාකෙරෙන පාපැදි සාම චාරිකාවක්…

72 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රීලාංකික ජනතාවගේ සියලු ජාතීන් අතර සාමය වර්ධනය කිරීමේ අරමුණින් පුද්ගලයෙකු උතුර දකුණ යා කෙරෙන පාපැදි සාම චාරිකවක නිරත වෙයි.

පසුගිය 28 වනදා කොලඹ නිට්ටඹුව ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන ලද මෙම පාපැදි සාම චාරිකාවේ යෙදී සිටින්නේ එම ප්‍රදේශයේ පදිංචි ජී.එස්. පීරිස් නැමත්තෙකු වන අතර ඊයේ දින මන්නාරමට සාමචාරිකාව ලඟා විය.

එහිදී මන්නාරම් දිසාපති සී.ඒ.මෝහන්රාසා මහතා විසින් මන්නාරම් දිස්ත්‍රීක්ලේකම් කාර්යාලය ඉදිරිපිටින් පිළිගැනීම සිදු කරන ලදි.

අනතුරුව මන්නාරමෙන් නැවත ගමන් ආරම්භ කරන ලද පාපැදි සාම චාරිකාව 31 දිනයේදී වව්නියාව, කිලිනොච්චිය හරහා යාපනය පේදුරුතුඩුව දක්වා ගමන් කරන අතර අනතුරුව නැවත යාපනයේ සිට මුලතිව් හරහා ත්‍රීකුණාමලයට ගමන් කිරීමට සංවිධානය කොට ඇත.

අවසානයේ ත්‍රීකුණාමළයේ සිට එලඹෙන 04 වනදා කොළඹ නිදහස් චත්‍රරශ්‍රෙය්දී නිදහස් දින සැමරුමට සමගාමීව මෙම පාපැදි සාම චාරිකාව අවසන් කිරීමට නියමිතව ඇත.

ශ්‍රීලංකාවට නිදහස ලැබීමෙන් වසර 72 ක් ගෙවෙන මේ අවස්ථාවේදී යුද්දෙන් පසුව සියලු ශ්‍රීලංකිකයින්ට නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට වර්ථමානයේ මෙන්ම අනාගතයේදීද අවස්ථාව උදා වේවා යනු මෙම සාම පාපැදි සවාරියේ අරුමුණ වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,899 Viewers
Main News