නිදහස් දින නිදහස් කරන සිරකරු ලයිස්තුවෙි දුමින්ද සිල්වා සිටීද..

February 2, 2020 at 9:20 am | lanka C news
නිදහස් දින නිදහස් කරන සිරකරු ලයිස්තුවෙි දුමින්ද සිල්වා සිටීද..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එළැඹෙන නිදහස් දිනයේ ජනාධිපති සමාවක් ලැබෙනු ඇති බවට සමාජ ජාල වල මාධ්‍ය වාර්තා පලවී ඇත.

කෙසේ නමුත් එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

පෙබරවාරි 4 වැනිදා නිදහස් කිරීමට යෝජිත සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති අතර එහි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාගේ නම සඳහන් නොවන බවද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

නිදහස් දිනයේ නිදහස ලැබන්නේ සුළු දඬුවම් විදින සිරකරුවන්ට බවත් මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට සමාව ලබා දීම සදහා දීර්ඝ ක‍්‍රියාවලියක් ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දී ඇති අතර එය ක්‍රියාත්මක කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

කෙසේ නමුත් එම නඩු තීන්දුව සම්බන්ධ ලබාදුන් විනිසුරුවකු සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට හෙළිදරව් වීම හේතුවෙනි.

දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලමින් මේ වන විට විවිධ විරෝධතා හා බෝධි පූජා ආදිය කොළඹ දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථාන වල ක‍්‍රියාත්මක වෙමින් ඇත.

107 views

16 Comments to “නිදහස් දින නිදහස් කරන සිරකරු ලයිස්තුවෙි දුමින්ද සිල්වා සිටීද..”

  1. Aurora says:

    සිද්ධිය ආරම්භයේදීම එම ස්ථානයේ පළමු වෙඩි ප්‍රහාරයෙන් සිහි සුන්වී බිම ඇද වැටුණ දුමින්ද සිල්වා විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තියල මැරුවාය, එමනිසා දුමින්ද සිල්වා හට මරණ දඬුවම නියමකළ විනිසුරු වරයා හෝ විනිසුරු වරිය දුමින්ද සිල්වා මරණයට නියම කිරීම පිළිබඳව මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාවට නඩු අසා අච්චු කල යුතුයි. ඒ සමඟම ඊට බොරු සාක්කි හදපු උන්, නියම සාක්කි යට ගහපු උන්, ඒ සඳහා පොළොඹවපු උන් ආදී සියල්ලෝම මිනී මැරීමට තැත්කිරීමේ චෝදනාවට නඩු අසා අච්චු කල යුතුයි.

    • harsha says:

      නමුත් දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වූයේ මිනීමැරුමකින් කෙළවර විය හැකි හැසිරීමක නිරත වෙච්ච නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙක් වීම නිසා.

      • CAT says:

        Great news …. Mr. President ,Thank you

      • Kadiya says:

        මේකනම් ලපයගේ නීති පොතේ තියන නීතියකට අනුව මිස ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ තියන නීතියක් නොවේ.

        • harsha says:

          The section 146 of the Penal Code is as follows:-
          “If an offence is committed by any member of an unlawful assembly in prosecution of the common object of that assembly, or such as the members of that assembly knew to be likely to be committed in prosecution of that object, every person who, at the time of the committing of that offence, is a member of the same assembly is guilty of that offence.”

  2. ගිගිරි says:

    ජනාධිපති නිදහස ලබනවට වඩා නම්බුකාරයි උසාවිය මගින් නඩුව යලි සලකා බලා නිදොස් කොට නිදහස් කිරීම.

    • john the baptice says:

      දුමින්දට බොරු චෝදනා ගොනු කරමින් ඔහුට මරනදණ්ඩනය දුන් සියලුම විනිශ්ය කරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගෙන දඩුවම් ලබා දිය යුතුයි
      රන්ජන් සහ හිරුනිකාටත් දුමින්දට විරුද්ධව බොරුචෝදනා ගොඩනගමින් නීතිය අයුතු ලෙස උපයෝගි කරමින් දුමින්දට මරණ දණ්ඩනය ලබා දී ඔහුව මැරීමට තැත්කිරීමට ගැන නීතිමය පියවර ගෙන දඩුවම් කලයුතුයි

      • එහෙනම් නීතිපති ඩෆ්ෆුලගෙ ඉඳලා, නඩුව අහපු විනිසුරු 3යි, ඒ තීන්දුව සනාථකරපු විනිසුරු 5, සේරම විනිසුරු 8යි, ඊට පස්සෙ නඩුව මෙහෙයවපු පොලිසියෙ අය 33යි. සාක්ෂිකාරයො 74යි. මේ එක කුඩ්ඩා එලියට දාන්න එකසිය ගානක් මරන්න වෙනවා. නොදකින් ගොං බයි කාලකණ්ණි වහල් හැත්ත! රට වනසන කුඩ්ඩව එලියට ගන්න අකුරක් ලියන තොපිට හෙණ වදිනවා!

    • සෝමෙ says:

      උසාවියෙ ඉහලම අධිකරණය 5-0 වශයෙන් මරණ දඬුවම නොබෙදුනු තීන්දුවක් හැටියට සනාථකරල තියෙනවා. ආයෙ ඒකට යලි සලකා බැලීමට ඉඩක් නෑ.

  3. S.Ranatunga says:

    The High court decision the controversial judge Padmini Ranawaka is connected has been challenged as defective to the Supreme Court by Mr. Duminda Silva. The Supreme Court appointed a five member bench that was chaired by the former Chief Justice Mr. Priyasad Dep. The High Court verdict approved it 2 to 1. The presiding judge recommended to release Mr. Duminda Silva from all charges.

    The Supreme Court bench confirmed 5 to zero the death sentence given to Mr. Duminda Silva. What other judicial procedures the country could demand beyond that.

  4. Kon Kanis says:

    @Ranthunga, ඔය කියන පංච පුද්ගල ………😀😀😀😀 සමන්විත වුනෙ බබා කොරොනා , වයිරස්
    ගොන්ජා , කරැපයියා කරැනානායගම් වගෙ ඔහුගෙ ව්රැද්දවාදින්ගෙ මෙහෙය ව්ම මත වෙන්න බැරිද ??? Benz නොනාගෙ call එකෙන් පස්සෙ මට එහෙම හිතෙනවා ….

    • 77 UNP says:

      නඩුවක තීන්දුව එන්නේ සාක්කි මත. රහස් පොලිසියයි, නිශාන්ත කන්දප්පා, ශානි අබේසේකර ආදී දඩයම් බල්ලන් සහ ඔවුන් මෙහෙයවූ යහපාලන වසලයන් විසින් සකස් කල සාක්‍ෂි අනුව දුමින්දට මරණ දඬුවම දීල ඒකට ප්‍රතිලාභයක් විධියට උසස්වීම් බලපොරෝත්තුවුන මහාධිකරණයකින් වෙනත් තීන්දුවක් ලැබෙන්නේ නැහැ. උන් සියලු දෙනාම කලේ මිනීමැරීමට තැත්කිරීමයි. උන්ට සුදුසු දඬුවම් ලබාදිය යුතුයි.

    • එහෙනම් මේ මල්ලියා දිනුවෙත් ජිල්මාට් එකකින් වෙන්න බැරිද? මටත් එහෙම හිතෙනවා. හිතෙන හැම දේම හරි නෑ ගොං බූරුවෝ!

  5. Love nature says:

    බුදු සරණයි සත්තිය ජය ගනී.

  6. සිරිපුර වැසියා says:

    හිරුත් කුඩු හිරුනිකත් කුඩු.

Main News