නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපති දුන් තනතුරෙන් ඉල්ලා අස්වේ..

April 30, 2018 at 2:10 pm | lanka C news
නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපති දුන් තනතුරෙන් ඉල්ලා අස්වේ..

ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ඉල්ලා අස් වී තිබේ. ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

මෙම තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය, පසුගිය අප්‍රේල් 24 දා රාත්‍රී, ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දුන් බව ඊයේ (29) ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සිටියදී ස්වාධීන මැයි රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තමන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික ධූරයෙන්ද ඉල්ලා අස් වූයේද යන්න විමසූ අවස්ථාවේදී එයින් ඉවත් නොවූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් තමන්ට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික ධූරය හිමි වූයේ නිදහස් සේවක සංගමයේ ලේකම්වරයා ලෙස නිල බලයෙන් බවත් නිදහස් සේවක සංගමය, ස්වාධීන වීමත් සමග තමන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභික ධූරයෙන් ඉවත් කලහැකි බවත් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක්ද ශ්‍රිලනිප මධ්‍යම කාරක සභිකයින් ලෙස සිටින බව පෙන්වා දුන් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා, ඔවුන් ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවන් සදහා කැදවන්නේ නැති බවත් තමන්ද එපරිද්දෙන් මධ්‍යම කාරක සභාවට නොකැදවා ඉන්නට ඉඩ තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

2016 මාර්තු 02 දින තමන් ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්‍යක්ෂ ජනරාල් ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කල බව ප්‍රකාශ කල ලෙස්ල් ද්වේන්ද්‍ර මහතා පසුගිය අප්‍රේල් 24 දා තමන් එයින් ඉල්ලා අස්වන තෙක්ම එම තනතුරේ කටයුතු කල බවද ප්‍රකාශ කළේය.

පසුගිය අප්‍රේල් 11 දා පැවති නිදහස් සේවක සංගමයේ නියෝජිත සම්මේලනයේදී සංගමය ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඒ අනුව ශ්‍රිලනිපයෙන් වෙන්ව මැයි 01 දා වෙනම මැයි රැලියක් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන බවත් ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– ජයකාන්ත ලියනගේ

156 views

6 Comments to “නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපති දුන් තනතුරෙන් ඉල්ලා අස්වේ..”

  1. SALMAL says:

    Strong convictions precede Great actions You make a right decision ,be happy It is a great decision
    Thanks you Mr.Devendra ,Never suppot to bad Government .People hate Sirisena and his Government

  2. CAT says:

    It’s not hard to make decisions when you know what your values are.
    We appreciate ,being a real union leader ..Thank you Sir.

  3. peter says:

    Who cares this man?

    • DESHAPREMIYA says:

      OUR salute for your action to resign from the post of Srecretary. The patriotic people in this Country highly appreciate it. As a patriotic, progressive movement of the workers ,you all should not go after these people rejected SLFP politicians (AS shown clearly in the last election)
      who have joined with UNP who ruins the Country
      Economically wise, Nation’s security wise, Country’s Sovereignity wise and culturally. They dance to the tunes of Nation’s enemies.

    • DESHAN says:

      Thanks for your decision. The patriotic citizens in this Country endorse your action,as otherwise it
      was like you all are supporting the UNP’s antinational policies.The Nation will not let you all down.

    • Kamal says:

      You mean the one in the far right of the photo, don’t you?

Main News