නිදහසින් පසු ලොකුම වංචාව සෙවිම ජාතියට කරන සේවාවක්.. අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ..

September 23, 2017 at 11:20 am | lanka C news
නිදහසින් පසු ලොකුම වංචාව සෙවිම ජාතියට කරන සේවාවක්.. අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ..

ලංකාවට නිදහස ලැබීමෙන් පසු අප රට ගොදුරු වු විශාලතම මූල්‍ය වංචාවේ තොරතුරු සොයා ගැනීමට ස්වෙච්ඡාවෙන් සේවය සහය විම ජාතියට සිදු කරන විශාල සේවයක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සියලු දෙනාම විශ්වාස කරන්නේ යැයි රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ මහතා ඊයේ මහා බැංකුවේ බැදුම්කර කොමිසම හමුවේ පැවසු බව අද ලංකාදීප මුල් පිටුවේ වාර්තා කොට ඇත.

එමෙන්ම “මෙම ජාතික සේවය ඉෂ්ට කර ගැනිම සඳහා රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් දක්වන ලද සහය හේතුවෙන් ප්‍රශ්නගත බැදුම්කර වංචාවට අමතරව නීතියට පටහැනිව සිදු කරන ලද වෙනත් අති විශාල මූල්‍ය වංචාවන් ගණනාවක්ම හෙලි කරගැනීමට හැකි වු බව” බැදුම්කර කොමිසමට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කොදාගොඩ දැනුම් දුන් බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන් වේ.

164 views