නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

February 2, 2018 at 10:17 pm | lanka C news
නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

‘හැත්තෑ වන නිදහස් දිනය සැමරීමේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීමට එළිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු දිනයේ ලංකාවට පැමිණියා.  අපිට මතකයි මීට අවුරුදු 20කට පෙර රැජිනගේ වැඩිමහල් පුතු ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයා 50 වන නිදහස් සමරු උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණා.  එතුමාට ආරාධනා කලේ චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව.  ඒ පිළිබඳ එදා එජාපය ප්‍රබල විවේචනයක් එල්ල කළා.  1998 පෙබරවාරි 06 දින හැන්සාඩ් වාර්තාවේ 176 පිටුවේ එවකට එජාප පතාක යෝධයෙකු වන විජමු ලොකු බණ්ඩාර මැතිතුමා කළ කතාවෙන් මම කොටසක් උපුටා දක්වන්නම්.

චන්ද්‍රිකා මැතිණිය ඉංග්‍රිසි භාෂාවෙන් ජාතිය ඇමතීම ගැන එතුමන් ලොකු විවේචනයක් එල්ල කලා. එතුමිය ජාතිය අමතනවා කියා ඇමතුවේ චාල්ස් කුමාරයා විතරයි කියලා එතුමන්  ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීම ගැන දැඩි ප්‍රහාරයක් එල්ල කලා. එම කතාවේ වැඩි දුරටත් මෙසේ සදහන් වෙනවා. “මේ විධියට ඉංග්‍රිසියට උඩ ගෙඩි දෙන්නට ජාතික හැඟීම් මරන්නට චාල්ස් කුමාරයා හැර වෙන කවුද හොඳ ගෙන්වන්න?  ඇයි මේ චාල්ස් කුමාරයා ගෙන්වන්නේ කියා කලින් අපට ප්‍රශ්නයක් තිබුණා.  චාල්ස් කුමාරයා හැර වෙන කවුරු ගෙන් වන්න ද?“

එදා චාල්ස් කුමාරයා ගෙන්වීම ගැන ප්‍රභල විවේචනයක් ඉදිරිපත් කල එක්සත් ජාතික පක්ෂය චාල්ස්ගේ මල්ලි එඩ්වඩ් කුමාරයාව 70 වන නිදහස් දිනයේ ප්‍රධාන අමුත්තා කර තිබෙනවා.  එදා එජාපය ගත් ස්ථාවරයට අපි එකඟයි.  නිදහස සමරන්න ගෙන්වා ගැනීමට නරකම පිරිස තමයි එංගලන්තේ රජ පවුලේ සාමාජිකයින්.  ඒ අය තමයි අපේ නිදහස උදුරා ගත්තේ.  නිදහස උදුරා ගත් කෙනාගේ ප්‍රධානත්වයෙන් නිදහස සැමරීම මොන විහිළුවක් ද?  ඒක හරියට රෝහණ විජේවිර ගුණානුස්මරණ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන්වනවා වගේ වැඩක්.  තවත් සරල කරලා කිව්වොත් තාත්තාගේ තුන් මාසයේ පින්කමට තාත්තා මැරූ කෙනා ගෙන්වනවා වගේ වැඩක්.

නිදහස් උළෙල කියන්නේ රට ගැන ආඩම්බරයක් ඇති කරන නිදහස උදෙසා දිවි පිදූ කැප්පෙටිපොළ වීර පුරන් අප්පු වැනි විරුවන්ගේ මග යන්නට ජනතාව තුල අධිෂ්ඨානය ඇති කරන දේශප්‍රේමය උද්දීපනය කරන උත්සවයක්.  එහෙව් උත්සවයකට අපේ යටත් විජිත ස්වාමියා ගෙන්වීමෙන් අපි පෙන්වන්නේ අපේ හීන දීන යටත් විජිත මානසිකත්වය නොවේද?  විජමු ලොකු බණ්ඩාර වැනි දේශප්‍රේමින් අද එජාපයේ නොසිටීමේ අඩුව තමයි මේ පෙනෙන්නේ.

නිදහස උත්සවයට පිටරැටියෙකු ඕනෑ නම් ජාතියට මග පෙන්විය හැකි නූතන මැලේසියාව ගොඩ නැගූ  අපටත් ආදර්ශයක් ගත හැකි ආචාර්ය මහතීර් මොහොමඩ් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා.  සුද්දෙකුම  ඕනෑ නම් දේශප්‍රේමයේ සහ ස්වාධීනත්වයේ ලෝක සංකේතය වන රැසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැතිතුමන්ව ගෙන්වන්න තිබුණා.  අපි ඉංග්‍රිසි කුමාරයෙක් ගේනවා කියන්නේ කුමක්ද?  අපි වැරදිලා  මීට වසර 70 කට කලින් නිදහස භාර ගත්තත් තවමත් අපි සිතින් තවමත් ඔබේ යටත් වහල් ජාතියක්ය  කියන පණිවිඩය  තමයි අපි ඉංග්‍රීසීන්ට ප්‍රකාශකරන්නේ’

– අරවින්ද අතුකෝරල

119 views

26 Comments to “නිදහස උදුරා ගත් උන් ගෙන්වා නිදහස සමරයි.. එඞ්වඞ් කුමරා හා කුමරිය පත්තිරිප්පුවටත් ගොඩවේ..”

  1. vishnu says:

    para සුද්ද්දන්ට දෙකට නැවෙන මේ වගේ අමන ජාතියක් ලෝකේ වෙන කොහෙවත්
    තියෙනවද, යකෝ මේකට සුදුසු එකම ප්‍රධාන ආරධිතය වෙන කව්රුත්
    නෙවයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා

  2. M de silva says:

    Can’t you all remember how R.Premadasa got on to Pattirippuwa to address the nation with his wife and children . After that what happened. The whole country was in fear etc etc.

  3. vijty says:

    නිදහස යලි හිමිවී වසර 70 යි.

  4. sri says:

    ආණ්ඩුවේ පාලකයන්.අපේ බෞද්ධයන්ගේ අති පුජනිය ස්ථානය මෙසේ පිට රැටියන්ට .පත්තිරිප්පුවට පය තැබීමට ඉඩදීම අපි හෙළා දකිමු

Main News