නිදහස ලබා ඥාණසාර හිමිගේ එකම ප‍්‍රකාශයකින් ජනාධීපතිවරණයේදී ගෝටාභයට විශාල ජයග‍්‍රහණයක්..

January 31, 2019 at 3:29 am | lanka C news
නිදහස ලබා ඥාණසාර හිමිගේ එකම ප‍්‍රකාශයකින් ජනාධීපතිවරණයේදී ගෝටාභයට විශාල ජයග‍්‍රහණයක්..

වසර 06ක කාලයක් සදහා සිර දඩුවම් නියම කර ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දී නිදහස් කලහොත් රටේ නීතය හා සාමයට බාධා විය හැකි යයි මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඥාණසාර හිමි නිදහස් කලහොත් 2015 පැවති ජනපතිවරණයට පෙර මෙන් යලි හැසිරෙමින් ජාතින් හා ආගම් අතර අසමගිය ඇති කර විපක්‍ෂ කඳවුරේ අපේක්ෂකයා පරාජය කරවීමට උත්සාහ කරනු ඇතැයිද ඔහු කීය.

කොළඹදී පැවති මාථ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

කෙසේ වෙතත් මීට පිලිතුරු ලෙස සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලක්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ ඥාණසාර හිමි නිදහස ලදහොත් ඉන් පසු කරන එකම ප‍්‍රකාශයකින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විශාළ ඡුන්ද ප‍්‍රහාණයක් එක් වනු ඇති බවයි.

158 views
Main News