නිදිගත් සිංහයන් එලි බහින දිනය ළගයි..- මර්වින්
December 19, 2017 at 6:28 am | lanka C news
සංහිදියාව මුවාවෙන් විල්පත්තු වනාන්තර විනාශය පවතින රජයන්ගේ චන්ද ගුන්ඩුවක් යයි හිටපු ඇමති ශ්‍රී ලංකා ජනජය පක්ෂයේ නායක මර්වින් සිල්වා මහතා පවසයි.
මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
සංහිදියාව මුවාවෙන් විල්පත්තු වනාන්තර විනාශය, පවතින රජයන්ගේ චන්ද ගුන්ඩුවක්,
අලි මිනිස් ගැටුම් වාර්ථා කිරීම පවතින රජයන්ගේ අකටයුතුකමි මගහැරීමට පුවත් මැවීමක් පමණක් වෙලා……
විසදුම් දැන දැන ක්‍රියාමාර්ග නොගැනීම තවත් කොටසක මඩිය තරකර ගැනීමක්…..
කුමන පවතින රජයක, දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක රැකවරණයක් යටතේ මිනිස් උවමනාවන් සදහා පරිසරය විනාශ කිරීම අනාගතයේ භයානක සොභාවික විපත් සදහා මුහුණ දීමට මග පෙන්වීමක්, සියලු සත්වයන් ට භයානක ප්‍රතිඵල අත් විදීමට සිදුවේ.
අතීත සොභාවික විපත් සිහියට ගන්න, බෞද්ධ දර්ශනය අනුව හේතු ඵල දහමක් ඇත, යම් කණ්ඩායමක හෝ තනි පුද්ගලයෙකුගේ සුඛවිහරණය සදහා සමස්ථ සත්ව වර්ගයාම විනාශ මුඛයට ඇද නොදමන්න.
වගකිවයුත්තන් ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් නිදිගත් සිංහයන් එලි බහින දිනය වැඩි ඇතක නොවන බව සිහි තබාගෙන කටයුතු කිරීම වැදගත් බව මතක් කරමු.
රුහුණේ උපන්
ආචාර්ය මර්වින් සිල්වා
Mr. Marvin
you are right.
මේ වගේ වීරයෝ තමා අපිට ඕනේ. සිංහලයෝ සැවොම මොහු වටා එකතු වෙමු. කෙසේ හෝ මොහුව මේ රටේ ජනාධිපති කරමු. සිංහල ජනතාව බේරා ගනිමු.
මේ වාගේ කොන්ද කෙලින් තියාගෙන එකෙකුටවත් බයනැති මිනිහෙක් පාර්ලිමේන්තුවෙ නැති එක ගැන අද අපි කණගාටු වෙනවා.
මර්වින් කියන්නෙ අසාධාරණයට එරෙහිව වැඩකරන මිනිහෙක්. මිනිහට කෙලවුනෙත් වැඩි වැඩ කරන්න ගිහින්.
කථාවත් තියනවනේ.
(වැඩි වැඩ – වැඩි ලෙඩ, අඩු වැඩ – අඩු ලෙඩ, වැඩ නැත – ලෙඩ නැත.)
මේ මර්වින්ම දාලා කමෙන්ටු දාන අය. දැං යන එන මං නැතුව ඉන්නව. ජාති ආලෙන්වත් හොම්බ දාගන්න හදන්නෙ. රට හදන එක පැත්තක තියල විවේක විරාමෙදි පුතාව හදා ගත්තොත් හොද නැද්ද?
දේශපාලනය බල්ලට දාල රටම එක්වෙන්න ඕන වෙලාවක් තමයි මේක. මේ රටට දැන් නායකයො වැඩියි. හැම එකාගෙම ඕනෑ එපාකම් ඉටුකරන්න ගිහින් අපට රටක් නැති වෙනව. සිංහලය බෞද්ධයා වදවිගෙන යන ජාතියක් වෙලා. අපේ දේශපාලකයො වරප්‍රසාද රැක ගන්න කටපියාගෙන ඉන්නව. තව සමහරු බලය ගන්න ජාතිවාදය අවුස්සනව. එකෙක්වත් සිංහල බෞද්ධකම ගැන කථා කරන්න පෙරට එන්නෙ නැති වෙලාවක මර්වින්ගෙ හඩට හැමෝම සහයෝගය දැක්විය යුතුයි.
අලි, අත්, පොහොට්ටු, සීනු, ඉවත දමා මර්වින් සමග එක්වෙමු. රට බේරා ගැනීමට පෙළ ගැසෙමු. ජය වේවා.
සරා ,සමරෙ නිදහසේ සුසී වටා කැරකෙන්නෙ නැතිව, මේ චන්දෙදි මෙතුමාගේ සන්කල්ප ප්‍රයෝජනයට ගෙන ,මෙතුමාගේ හඬ මේ රජයේ දෙශද්‍රෝහී වැඩවලට විරෝදය දක්වන්න ශක්තියක් කරගමු.
සිංහයන් එළි බැස්සාම පාගා ගන්ට එපා.
යකො මේ ඔක්කොම බලු වෙච්ච සිංහයෝ අවදි වෙන්නේ චන්දයක් එන කොට නේ
අයේත් මර්වින් උන්නැහේ පාර්ලිමේන්තුවට යැව්වෝතින් සුද්ද සිංහලෙන් ටිකිරි කුනුහරුප ටිකක් අහන්න පුලුවන් වේවි නේද???