නිදිමත ඇමතිගේ හිතවතීගේ ප‍්‍රකෝටි ගණනක දේපොල ගැන ආදායම් බදු පරීක්‍ෂණ… හිතවතී කට උත්තර නැතිව හිරවෙයි..

April 17, 2018 at 11:20 am | lanka C news
නිදිමත ඇමතිගේ හිතවතීගේ ප‍්‍රකෝටි ගණනක දේපොල ගැන ආදායම් බදු පරීක්‍ෂණ… හිතවතී කට උත්තර නැතිව හිරවෙයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමති ධුරයක් දරන්නෙකු සමග සම්බන්ධයක් ඇතැයි කියන කඩුවෙල ප‍්‍රදේශයේ වෛද්‍යවරියක නමට ඇති නිවාස කිහිපයක් ඇතුළු වටිනා දේපල සම්බන්ධයෙන් ආදායම් බදු අංශ විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්බ කර ඇත.

මෙම වෛද්‍යවරිය මෙතරම් වටිනාකමකින් යුතු නිවාස හා තවත් කෝටි ගණනක දේපල අත්පත් කර ගත්තේ කෙසේදැයි පරීක්‍ෂණ සිදු කෙරෙමින් තිබේ.

මෙම දේපොල උපයා ගත්තේ කෙසේදැයි වෛද්‍යවරිය විසින් මෙතෙක් පිලිතුරු දීමට අපොහොසත් වී ඇති අතර ප‍්‍රබල ඇමතිවරයාගේ මැදිහත්වීම මත පරීක්‍ෂණ කටයුතු ඉතාම මන්දගාමී වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා දුර ඈත පලාතක් නියෝජන කරන්නෙකු වන අතර නිතර නිදිමත තත්වයෙන් සිටින අයෙකු යයිද කියැවෙයි.

197 views
Main News