නිදියහන ගිනිගනී.. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලේ යයි මංගලගේ ලේකම් රුවන් ෆර්ඩින්න්ඩස්ට චෝදනා.. ලේකම් ධුරයෙන් ඉවතට..
December 13, 2017 at 10:00 am | lanka C news
ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා ඝාතන සිදුවීමට ඇමති මංගල සමරවීරගේ පුද්ගලික ලේකම් ලෙස වර්තමානයේ කටයුතු කරන රුවන් ෆර්ඩිනෑන්ඩස් සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය ගණනාවකින් චෝදනා එල්ල කර ඇත.
ඊට සාක්ෂි ලෙස විඩියෝ පටයක්ද අන්තර්ජාලයේ පල කර තිබේ.
මේ හේතුව නිසා රුවන් ෆර්ඩිනැන්ඩස් මුදල් ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වී ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඇමතිවරයා වෙත යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් වහාම රහස් පොලිසිය හරහා පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
ඔහු විසින් සිය ඉල්ලා අස්වීම දන්වමින් ඇමතිවරයා වෙත යවා ඇති ලිපිය මෙසේය.
Oh…What is this letter
මේ මහත්තයා කාට ද වෙබ් අඩවි වලින් මඩ ගහලා නැත්තේ? මම හිතන්නෙ, මේ මහත්තයා, ගොසිප් වෙබ් අඩවි වලින් මඩ ගැසීම, සිංහල භාෂාමය සයිබර අවකාශයට හඳුන්වා දුන් අයගෙන් ප්‍රමුඛයෙක්. මේ බාල වැඩ, මේ අය හිතුවාට මහා ලොකු දේවල් කියලා, මේවා මේ අයට විරුද්ධව පවිච්චි වෙන්න මහා කාලයක් ගත වෙන්නේ නෑ. මේ ලාබ උපක්‍රම ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි. තමන් කල කර්ම තමන්ට ම පඩිසන් දෙනකන්, තමන් දන්නේ නෑ මොනවාද වෙන්නෙ කියලා.
Hi Ruwan ferdinands, has your own shit hit the fan ?????