නිධන් හොර රැලක් අල්ලයි..
September 10, 2018 at 8:02 am | lanka C news
ඌරුබොක්ක මැකිලියතැන්ත ආරණ්‍ය සේනාසනය අසල උමං දොලේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු පමණ දෙනියාය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සතුව තිබී නිධන් හෑරීමට යොදාගන්න ගල් විදීමට යොදා ගන්නා හිල්ටි යන්ත්‍රයක් වෙඩි බෙහෙත් වර්ග තුනක් මිටියක් වයර් රෝල් තුනක් ඩජනරේටර් යන්ත්‍රයක් මෙන්ම මල් බුලත් තටුවක් ඇතුළු ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඌරුබොක්ක කීරිපිටිය කැකුන්දෙනිය බෙරලපනාතර ආදී ප්‍රදේශවල පුද්ගලයන් බව පොලිස් විශෙෂ කාර්ය බලකා නිලධාරින් සඳහන් කරති.
ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීම සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය ඌරුබොක්ක පොලිස් ස්ථානය වෙත බාරදෙන බව දෙනියාය විශේෂ කාර්ය බලකා කදවුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී.පී.ඩී. හේවාපතිරණ පවසීය.
– ප්‍රගීත් ජනක
Sajith in action again. Clear indication of an election looming large on the horizon.
competitors of S#j# ?? 😀
නිදන් හොරුන්ව මහජනයා ඉදිරියේ එල්ලා මැරිය යුතුය
මේ සජිත්ගේ ගෝලයෝද ? උසනම් security මිටිනම් නිධන් හැරිම සජිත්ගේ අලුත් කෙරුවාව වගේ
Parana horunuth