නිධානයක් ගන්න ගිය රන් මුදලාලි ඇතුලු සිව්දෙනෙකු සකෑනරයක් සමග අත්අඩංගුවට…

January 8, 2020 at 2:02 am | lanka C news
නිධානයක් ගන්න ගිය රන් මුදලාලි ඇතුලු සිව්දෙනෙකු සකෑනරයක් සමග අත්අඩංගුවට…

කිලිනොච්චිය ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය සැකකරුවන් සිව් දෙනෙකු සමග අධි තාක්ෂණයෙන් යුත් මෙතෙක් හමු නොවූ ඩුබායි සිට රැගෙන එන ලද නවීන ස්කෑනර් යන්ත්‍රයක් අත්අඩංගුවට ගත් බවටත් එම පිරිස් අධිකරණයට ඉදිරිපත් කරන බවට මාන්කුලම් පොලීසිය පවසයි.

සැකකරුවන් සිව්දෙනා සුකෝපභෝගී මෝටර් රථයකින් ගමන්කරන අතරතුර මාන්කුලම් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මහියන්ගනය ප්‍රදේශයේ රත්තරන් වෙළඳසැලක හිමිකරුවෙකුද වන බවටත් සැකකරුවන් සිව් දෙනාම මුස්ලිම් ජාතිකයින් බවටද පොලීසිය පැවසීය.

රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් මෙතෙක් හමු නොවූ වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක්ද සැකකරුවන් ගමන්කල මෝටර් රථයේ තිබී හමු වී ඇති අතර එම ස්කෑනර් යන්ත්‍රය මගින් අඩි 54 ක ගැඹුරක් මෙන්ම මීටර් 30 ක වපසරියක භූමි ප්‍රමාණයක් එක වර පරික්ෂා කළ හැකි අධි තාක්ෂණයකින් යුතු සකෑනර් යන්ත්‍රයක් වන අතර එම ස්කෑනර් යන්ත්‍රය ඩුබායි රටේ සිට රැගෙනවිත් ඇති බවටද අනාවරනය වී ඇතයි පොලීසිය සඳහාන කලේය.

සැකකරුවන් සිව් දෙනා අතර විශ්‍රාමික සාජන් මේජර් වරයෙක්ද සිටින අතර ඔවුන්ගෙන් එක් අයෙකු මහියංගනය ප්‍රදේශයේත් අනෙක් තිදෙනා බදුල්ල ප්‍රදේශයෙත් පදිංචි කරුවන් වන අතර මෙම සිවු දෙනාගෙම ජංගම දුරකතනවල කිලිනොච්චියේ පිහිටි නිධන් වස්තු පිළිබඳ ඡායාරූප ඇතුලු සාක්ෂි රැසක් පොලීසියට හමු වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,124 Viewers
Main News