නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…
July 7, 2022 at 2:10 am | lanka C news
වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.
නගර් ඉලුප්පයිකුලම් ප්රදේශයේ කැලෑබද ප්රදේශයක සැකකටයුතු වෑන්රථයක් නවතා ඇති බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ බව යුදහමුදා නිලධාරීන් විසින් වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව වව්නියාව පොලිස් අපරාධ අංශ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී දකුණෙ සිට පැමිණ ඇති පිරිසක් විසින් පොළව යට ඇති වස්තු සෙවීම සඳහා වූ අධීතාඛක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්රයක් භාවිතා කරමින් සිටියදී එම පිරිස සමග වෑන් රථයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගන්නා ලදි.
සැකකරුවන් අවුරුදු 26 සිට අවුරුදු 50 ක් දක්වා වයසැති වව්නියාව ප්රදේශයේ පදිංචි දෙදෙනෙක්, සහ මහර ප්රදේශයේ පදිංචි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ සැරේ වැඩේ වැරදුනා.උස උන්ව මුර කරන්න දාල මිටි උන්ව නිධානෙ හාරන්න දාන්න කියල කොළඹින් යවපු උපදෙස් උන් වැරදියට භාවිතා කරල.ඕකෙ මහ මොලකාරය මේ දවස්වල ඔට්ටු වෙන්නෙ දූපතේ පාලනේ අතට ගන්න.ඊට පස්සෙ ස්කෑනර් ඕනෙ නැහැ,නඩුත් හාමුදුරුවන්ගෙ,බඩුත් හාමුදුරුවන්ගෙ.අලන්තර කයිප කබර පලැකුනිල් ඒස්වා හඃ?????
හා…..හා. තහනම් වැඩ….මේවා ලොකූ අය විතරක් කරණ වැඩ…. වැඩිහිටියන්ට පමණයි. නායකයන්ට පමණයි…..
පවූලත් එක්කල ගිහිල්ලා? අධි තෑක්ෂණික ස්කෑනරයක් කිව්වම…..පව් බං ඔහෙ හාරපූවාවෙ. බාධා කරන්ට එපා.
මිඩ්වයිෆ් ගෙන්නන්න බොත්තම ඔබනවා වගේ ලේසි නැහැ කියලා දැන් තේරුම් අරගෙන ඇති. ලොකු පුටුවක වාඩිවෙන්න හීන මවමින් ඉන්න නිසා ඊට කලින් ඉතුරු නිදන් ටිකත් හාරාගන්න තමා බැලුවේ. මූට බූරු පුතානෝ කියන නම හොඳ වැඩියි.
මෙහෙම දෙයක්වත් ගන්න ඇරපන් ප….