නිධානයක රන් කාසි නිසා ක්‍රිකට් තරුවට ලක්ෂ 40ක් නැතිවෙයි..

October 6, 2019 at 3:00 pm | lanka C news
නිධානයක රන් කාසි නිසා ක්‍රිකට් තරුවට ලක්ෂ 40ක් නැතිවෙයි..

නිධානයකින් හාරා ගත් කාසි කිලෝ දෙකක් දෙන බව කියා ජාවාරම්කාර වෙළෙඳ කණ්ඩායමක් හිටපු ක්‍රිකට් තරුවකට රුපියල් ලක්ෂ හතළිහක් වංචා කිරීමේ සිද්ධියක් අනාවරණය වේ.

කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා හා පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් විසින් කරන ලද විමර්ශනයේදී නිධානයක රන් කාසි බව කියමින් මරංචි විකුණන්නට ආ ජාවාරමුන් දෙදෙනකු අල්ලා ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු හෙළිවී ඇත.

අනුරාධපුරයේ නිධානයකින් හමු වූ රන් කාසි බව කියා මෙම කාසි කිලෝවක් රුපියල් ලක්ෂ විසිපහක් බැගින් විකිණීමට ක්‍රිකට් තරුව සමග කතා කරගෙන ඇති අතර පසුව රන් කාසි කිලෝ දෙකක් රුපියල් ලක්ෂ හතළිහකට දීමට එකඟ කරවා ගෙන කොළඹදී ගනුදෙනුව කර ඇත. ජාවාරම්කරුවන් ඇස්බැන්දුමක් කරමින් රන් ආලේපිත තඹ කාසි අතරේ රන් කාසි තබා මෙම ගනුදෙනුව කර ඇත.

මෙම ජාවාරම්කරුවන්ට තමන් හසු වූ බව දැනගත්තද ලජ්ජාව නිසා එම තරුව මේ පිළිබඳ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිලි කර නැතැයි වාර්තා වේ.

මෙම මරංචි ජාවාරම්කරුවන් සංවිධානාත්මකව කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් රේගු නිෂ්කාෂණ කරන නිලධාරියකුගෙන්ද මේ අයුරින්ම රුපියල් ලක්ෂ හතළිහක් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

– aruna.lk

56,675 Viewers

5 Comments to “නිධානයක රන් කාසි නිසා ක්‍රිකට් තරුවට ලක්ෂ 40ක් නැතිවෙයි..”

  1. DilumKa says:

    Sanga is the man 🙁

  2. Sun says:

    Don’t trust these fellows, most of them have animal type of behaviour with money. It has induced from the politicians.

  3. Love nature says:

    ඔබ යම් දෙයකට කරන ආසාව වැඩි වන්නේද එය අහිමි වනවිට ඔබට ඇතිවන ශෝකය,දුක ඒ සමගම වැඩිවේ..

  4. ගල්මංගොඩ says:

    නිධන් මැණික් පස්සෙ යන්නෙ නං දකුණත් පිතිකරු දෙවසරක් නායකත්වය දැරූ…

Main News