නිමල් සිරිපාලට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසම කැදවයි.. ජපානයෙන්ද සාක්‍ෂි ගනී…

August 15, 2022 at 12:02 am | lanka C news
නිමල් සිරිපාලට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසම කැදවයි.. ජපානයෙන්ද සාක්‍ෂි ගනී…

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී තිබෙන අල්ලස් දූෂණ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හා දූෂණ කොමිසම තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසිනි.

ජපාන සමාගමකින් අල්ලස් මුදල් ඉල්ලූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙහි මූලික ප්‍රකාශ සටහන් කරගැනීම මෙම සතියේ දී සිදුකිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කොමිසමට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබේ.

එමෙන්ම කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයෙන් හා ජපාන තායිසේ සමාගමෙන්ද කරුණු විමසීම නියමිතව ඇත.

38,736 views

16 Comments to “නිමල් සිරිපාලට එරෙහි පැමිණිල්ල අල්ලස් කොමිසම කැදවයි.. ජපානයෙන්ද සාක්‍ෂි ගනී…”

  1. Ajith says:

    Is this the Sri Lanka Bribery Commission? Can one believe this?
    He will definitely acquitted. Oh innocent Sri Lankans.
    මේ ශ්‍රී ලංකා අල්ලස් කොමිසමද? කෙනෙකුට මෙය විශ්වාස කළ හැකිද?
    ඔහු අනිවාර්යයෙන්ම නිදොස් කොට නිදහස් කරයි. අනේ අහිංසක ශ්‍රී ලාංකිකයෝ.

  2. rawan says:

    මේවගේ එවුන් පාර්ලිමේන්තුවට යවපු එවුන්ට තමා ගහන්න ඕනැ.

  3. Wewegadara Appuhamy says:

    De Silve of Balapitiya has so many alligation agsist since 1994 under CBL rule of governacs of corrupations anf bribs not yey address by Commisinor of Bribay until today. Matter of corrupation need urgent attiontion by Commsinor of Bribary as qurck as possible.

  4. Wewegadara Appuhamy says:

    De Silve of Balapitiya has so many alligation against since 1994 that under CBB rule of governacs of corrupations and bribes has not yet address by Commisinor of Bribay until today. Matter of corrupation need urgent need attiions by Commsinor of Bribary as qurck as possible. All facte given of DeSilna by Thieaso Corportaion are authantics we have act on that fact finding mission without delay. He has to answer soon ,until his an inqure is finished that his Ministership could be STOP by President of Island Republic.

  5. Upul says:

    No need for the bribery commission to give us any ruling about him. I think the entire country already knows the character of this person.

Main News