නිමල් සිරිපාල, අනුරා යාපා, අප්පච්චි මලෝ එජාපයට.. බදුල්ල සිරිපාලට දී හරීන් ප්‍රනාන්දු ගම්පහට..
February 11, 2017 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහප් පක්ෂයේ ඇමතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්රියදර්ශණ යාපා, විජිත් විජේමුණි සොයිසා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා සාකච්චා වට කිහිපයක්ම සිදු කර ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.
පවතින තත්වය මත තම දිස්ත්‍රික්කයන්හි ශ්‍රීලනිපයෙන් තරග වැද නැවත පාර්ලිමේන්තු ඒමට නොහැකි වෙතැයි මොවුන් සිය හිතවතුන් හා අවස්ථා කිහිපයකදීම අදහස් පල කර තිබින.
ඉදිරියේදී දේශපාලනයෙන් සමුගැනීමට හෝ වෙනත් දේශපාලන තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවටද තම සමීප දේශපාලන හිතවතුන් සමගින් මොවුන් දැනටමත් ඉගි පල කර තිබේ.
මේ අතර වාර්ත වන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතා එජාපයට එක්වන්නේ නම් බදුල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකයා වන ඇමති හරීන් ප්‍රනාන්දු එම දිස්ත්‍රික්කයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙනු ඇති බවයි.