නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?

September 12, 2019 at 3:50 pm | lanka C news
නිමල් සිරිපාල කණ්ඩායමක් සමගින් පොහොට්ටුවට..?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි.

පක්‍ෂයක් ලෙස පොදුජන පෙරමුණ සමග සන්ධානගත විය යුතුය යන මතයේ ඒ මහතා සිටියද මෑත කාලයේදී ශ‍්‍රීලනිපයේ ඇතිව තිබෙන බෙදීම මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණයේ සලකුණ සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය මත ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා අනවශ්‍ය තැනකට තල්ලු වී ඇති බව ඔහුගේ මතය වී ඇත.

89 views