නිමල් සිරිපාල හෝ දුමින්ද දිසානායකගේ පිට දමා ‘එතකොට මං නෙවි ඇමති’ කියා බේරෙන්න හැදු අප්පච්චි මල ඇමති අතේ මාට්ටු..

February 6, 2017 at 7:06 am | lanka C news
නිමල් සිරිපාල හෝ දුමින්ද දිසානායකගේ පිට දමා ‘එතකොට මං නෙවි ඇමති’ කියා බේරෙන්න හැදු අප්පච්චි මල ඇමති අතේ මාට්ටු..

මොනරාගල දිස්ත්‍රික්යේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ වාරිමාර්ග අමාත්‍යාංශය අයත් කුඹුරුවලට ජලය රැගෙන යන පැති බැම්මක් මිලියන 150 ක් වැයකොට මීට මාස දෙකකට පෙර වැඩ නිම කලත් එය ලබාගත් කොන්ත්‍රාත්කරුවා විසින් එම කටයුත්ත ප්‍රමිතියෙන් තොරව ඉතාම අඩු වියදමකින් සිදු කොට එම පැති බැමි සියල්ලම මේ වනවිටත් ගැලවි ගොස් ප්‍රදේශයේ ගොවි ජනතාව මහත් දුෂ්කරතාවයට පත්ව තිබුණි. .

මේ බව ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් අදාළ අංශ දැනුවත් කිරිමෙන් පසුව විෂය භාර අමාත්‍යවරයා මෙන්ම එම දිස්ත්‍රික්ය නියෝජනය කරන විජිත් විජිතමුණි සොයිසා මහතා එම ප්‍රදේශයේ ජනතාව ඉදිරියේ එම ගැටලුව විසදීමට එහි ගියහ. එහිදි අමාත්‍යවරයා එම කොන්ත්‍රාත්කරුට ටෙන්ඩරය ලබාදුන් දින වකවානු පරික්ෂා කිරිමේදී හෙලිවුයේ එම ටෙන්ඩරය සඳහා කොන්ත්‍රාත්කරු අයදුම් කොට ඇත්තේ 2015 දෙසැම්බර් මාසයේදී බවත් අදාළ ඉදිකිරීම්ආරම්භ කලේ 2016 හයවන මාසයේදී බවයි.

මෙහිදී වර්තමාන වාරිමාර්ග අමාත්‍ය විජිතමුනි සොයිසා මෙම දූෂිත ගනුදෙනුව හිටපු ඇමතිවරයාගේ පිට පැටවීමට උත්සහ ගත් පහත් ක්‍රියාව දින වකවානු අනුව ඔප්පු කිරිමට නොහැකි විය. එහිදි ඇගට පතට නොදැනෙන ලෙස තම නිලධාරින් මෙන්ම ගමේ ජනතාව සුපුරුදු පරිදි ගොනාට අන්දවමින් ඇමතිවරයා කියා සිටියේ එහෙනම් ඒක මම ඇමති කාලයේදී නෙවි යන්නයි.

එහෙත් හවුල් ආණ්ඩුවේ දින සියේ වාරිමාර්ග ඇමතිවරයා වුනේ ශ්‍රිලනිපෙ වර්තමාන ලේකම් දුමින්ද දිසානායක වන අතර 2015 අගෝස්තු 18 මහමැතිවරණයට පස්සේ වාරිමාර්ග හා ජලකලමාණාකර අමාත්‍යවරයා වුයේ විජිතමුනි සොයිසා බව ඔහුටම අමතක විය.

එමෙන්ම පසුගිය රජයේ වාරිමාර්ග හා ජලකලමාණාකර අමාත්‍යවරයා වුයේ නිමල් සිරිපල සිල්වා වන අතර තිදෙනාම වර්තමාන සම්මුති ආණ්ඩුවේ ඇමතිවරුන් ය.

වීඩියෝව මෙතනින්

21 views