නියං අධාර තාම නෑ.ජනතාව දැඩි පීඩාවට..

June 20, 2017 at 2:12 am | lanka C news
නියං අධාර තාම නෑ.ජනතාව  දැඩි පීඩාවට..

පසුගිය මාස කිහිපය තුල ඌව පලාතට බලපෑ නියගය නිසා අවතැන් වූ ජනතාව වෙත රජය මගින් එක් පවුලක් සදහා සහල් කිලෝග්‍රෑම් පනහක මල්ලක් ලබා දීමට කටයුතු කලද වැල්ලවාය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ වරුණගම ග්‍රාම නිළධාරි වසම සදහා එම සහනාධාරය තවමත් ලැබී නොමැති බව වාර්තා වෙයි.

මෙම සහනාධාරය ලබා ගැනීම සදහා මෙම ප්‍රදේශයේ ජනතාව දින තුනක කාලයක් ශ්‍රමදාන කටයුතු වලද නිරත වී ඇත.නමුත් අනෙක් සියලුම ප්‍රදේශයන් වෙත සහල් ලබා දී ඇති නමුත් වරුනගම වසම සදහා පමනක් මෙම අධාරය ලබා නොදීම කනගාටුවට කරුනකි.එම සහනාධාරය ලබා නොදීම පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කලේය.

‘මම වරුනගම වසමේ ජීවත් වෙන්නේ.අපිට මේ වෙනකක් නියං අධාර ලැබිලා නෑ.අනිත් හැමපැත්තටම දුන්නා.අපි මේ ගැන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේන් ඇහැව්වා.ඊට පස්සේ එයාල කිවුවා අධාර ඉවරයි කියලා.අපි මේ හාල් කිලෝ පනහ ගන්න දවස් තුනක් පාරවල් කෙටුවා.ඒ වුනාට අපිට තාම හාල් ඇටයක් වත් ලබුන් නෑ.මේ අධාර අපේ වසම් වල දේශපාලන ඇහිහොදයි කම් වලට තමයි වැඩි පුර ගියේ.අපි කියන්නේ දෙන්න බැරිනම් බෑ කියන්න තිබුනා ඇයි අපෙන් බොරු කියලා වැඩ ගත්තේ අපි එදා වේල කුලියක් කරලා හම්බ කරන් කන අසරණ මිනිස්සු.අපේ දවස් තුනක පාඩුව ගැන මේ අය හිතුවේ නෑ.අපි කියන්න ගියාම අපිට සලකන්නේ හිගන්නුන්ට වගේ.ඒ නිසා අපිට කියන්න කෙනෙක් නැතිම තැන තමයි අපි මාධ්‍යට කියන්නේ.මේ ඇස් නොපෙනෙන බලදාරින්ගේ ඇස් දැන්වත් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා’ ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මෙම සහනාධාරය නොලැබුණු වරුණගම වසමේ ජීවත් වන කාන්තාවක් මෙලෙස අදහස් ප්‍රකාශ කළාය.

‘අපිට ග්‍රාම සේවක මහත්තයා කිවුවා හාල් කිලෝ පනහක් දෙනවා ඒ නිසා කට්ටියම එන්න ශ්‍රමදානයක් තියනවා දවස් තුනක් ඒකට.ඒ ඇවිත් ඒක ඉවර වුන ගමන් හාල් කිලෝ පනහක් ඔයාලට හම්බවෙනවා.අපිත් ග්‍රාම සේවක මහත්තයා කිවුව දේ අහලා දවස් තුනක් පාරවල් කෙටුවා.දැන් මාසෙකට වඩා වැඩියි අපි වැඩ කරලා,අද වෙනකන් අපි සහනාධාර හාල් මිටියක් තියා ඇටයක් වත් ඇහැට දැක්කේ නෑ.අපි දවස් ගානක් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.එයාලා කියනවා දැන් හාල් ඉවරයිලු.දෙන්න බැරිනම් ඉවරයිනේ,අපෙන් වැඩ ගත්තේ ඇයි.අපි කියන දේ එයාල අහන්නේ නෑ.අපේ වතු පිටි අක්කර ගනන් පෑවිල්ලට වේලුනා.නැත්නම් මේ මගුල් හාල් මිටියක් අපිට ඕන නෑ.දෙනවා කිව්වා නියං අධාර කියලා ඒ වුනාට අපිට වතුර පොදක් වත් අද වෙනකන් හම්බ වෙලා නෑ.ඒ මදිවට දෙනවා කියලා අපෙන් වැඩ ගත්ත හාල් මිටියත් දැන් ඉවරයිලු.මේවා කරපු අයට සහ ගහන්න ඕන.දවස් තුනේ කුලි වැඩකට ගියානම් රුපියල් තුන්දාහක් විතර හොයාගන්න තිබුනා.දැන් ඒකත් නෑ.ඒ මදිවට තාම පෑවිල්ල,අපිට කිසිම කෙනෙක්ගේ පිහිටක් අද වෙනකන් ලැබිලා නෑ’

අප මේ පිළිබඳව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගෙන් සිදු කල විමසීමකදී ඔහු කියා සිටියේ ලැබුණු සහල් තොගය අවසන් වී ඇති බවත් නැවතත් සහල් ලැබුණු විගස අදාල ජනතාවට හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවත්ය.

– ජයන්ත වීරසේකර

107 views
Main News